Posts

⚡ A Gangster Became a High Schooler ⚡

Image
  ⚡ A Gangster Became a High Schooler ⚡ Manhwa - SINHALA Translation   **************************** "මගේ හීනෙ ඉස්කෝලෙ යන එක" කිම් ද්‍යොක් පල්, චිල්ස්‍යෙඔංපා කල්ලියෙ ලොක්කා, ඉගෙනගෙන නැතත් පාසල් ජීවිතයක් ලබන්න ආසාවෙන් ඉන්න කෙනෙක්, වැස්ස දවසක පාලමෙන් පැනපු සොං යී හ්‍යොං කියන පිරිමි ළමයව බේරගන්න යද්දි වාහනයකට හැප්පිලා මැරෙනවා. "මම හිතනවා ඒ කොල්ලා බේරුණා කියලා." එයා ඇහැරෙද්දි,එයා හොයාගන්නවා තමන් ඉන්නේ සොං යී හ්‍යොං ගේ ඇඟ ඇතුලේ කියලා. තමන්ට අයුතු විදියට කරදර කරලා පිටමං කරන්න හදපු නිසා ඇත්ත සොං යී හ්‍යොං සියදිවිනසාගන්න හදපු බවක් ද්‍යොක් පල් හොයාගන්නවා. ඒ වෙනුවට එයා තීරණය කරනවා යී හ්‍යොං වෙනුවෙන් පලිගන්න යී හ්‍යොං ඉගෙනගත්ත පාසලට යන්න. ඒත් චෝයි සේක්‍යුං, යී හ්‍යොං හිතින් කැමති වෙලා හිටිය කෙනා, එයාව සැක කරන්න පටන් ගන්නවා. "තමුන් යී හ්‍යොං නෙවෙයි." **************************** Author(s) : Horol Artist(s) : Gitan **************************** Chapters (1) Chapter 1 (2) Chapter 1.5

මාරක බහුරූපේක්ෂය (Kaleidoscope of Death)

Image
ඒක ආරම්භ වූණේ සුවිශේෂී විදියකට; මුලින්ම, ඔහුගේ ගෘහස්ථ බළලා ඔහුට ඌව හුරතල් කරන්න ඉඩ දුන්නේ නැහැ. තමන් වටේ තියෙන හැම දෙයකම පරස්පරවිරෝධී බවක් වගේම නොගැලපීමක් පැතිරිලා යන බව ලින් ජියුෂ' ට ඉක්මනින්ම හොයාගන්න පුළුවන් වුණා. පස්සේ, එක අසාමාන්‍ය දවසක, ඔහු දොරක් විවෘත කළා, ඒත්, තමන්ට හුරුපුරුදු ශාලාව, ඉමක් කොනක් නැති කොරිඩෝවක් බවට පත්වෙලා තියන විදිය ඔහු අනාවරණය කරගත්තා. මේ කොරිඩෝවේ දෙපැත්තෙම තිබුණේ එක සමාන යකඩ දොරවල් දොළහක්. කතාව ආරම්භ වුණේ මේ විදියට. රුඅන් නන්චු, ලින් ජියුෂ' ට මෙහෙම කිව්වා, " ඔයා ආගාධය දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියොත්, ආගාධයත් ආපහු හැරිලා ඔයා දිහා බලයි." මේක අහපු සැනින් ලින් ජියුෂ' ගැඹුරු කල්පනාවකට වැටුණා. ඊටපස්සේ ඔහු තමන්ගේ කලිසමේ ශිපරය පහතට ඇදලා ආගාධය දිහාට එල්ල කළා. රුඅන් නන්චු: "...ඔය කලිසම හරියට ඇඳගන්න!" ........................................................................... කතෘ : Xī Zǐxù (西子绪) පරිච්ඡේද ගණන: 139 + 10  extras ඉංග්‍රීසි පරිවර්තනය :  Kaleidoscope of Death ⚠ මෙම සිංහල පරිවර්තනයේ සම්පූර්ණ අයිතිය මා සතු වන අතර අනවසරයෙන් උපු...

කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)

Image
චූ ෂුවැන්ජි පිටතින් අලස පෙනුමැති අයෙක් වුවත්, ඇතුලාන්තයෙන් ඇය සතුව කදාමිණක් මෙන් පැහැදිලි දැඩි හදවතක් ඇත. පෙර භවයන් හිදී ඇයගේ ජීවිතයේ සිදුවූ විවිධ සිදුවීම් හේතුවෙන් මෙම භවයේදී හැඟීම් දැනීමේ හෝ වටහා ගැනීමේ හැකියාව ඇය තුළින් ගිලිහී ගොස් තිබුණි. අමරණීයත්වය වඩන පුද්ගලයන්ට හදවතක් පවතීනම්, මනුෂ්‍ය ලෝකය ඔවුන්ගේ දෙව්ලොව වේ. ඉදින්, කදාමිණක් වන් හදවතක් සතු අයෙක්ට ලෙයින් මසින් පිරි පුද්ගලයෙක් බවට පත් විය හැකිද? පුෂ්ප පළඳනා තරඟාවලිය අවසානයෙන් තේරී පත් වුණු චූ ෂුවැන්ජි, තම පියා සහ නිකායෙහි සහෝදරයෙකු වන ජොං මින්‍ යෑන් සමග කඳුකරය පාමුල වෙතට පිටත් වූයේ අමනුෂ්‍යයන් දඩයම් කිරීමේ අරමුණ ඇතිවය. එහිදී චූ ෂුවැන්ජි හට ලී ස’ නිකායෙහි ගෝලයෙකු වන යූ ස’ෆං මුණ ගැසේ. අමනුෂ්‍යයින් තුරන් කිරීමේ වික්‍රමාන්විතය අතරතුරේදී චූ ෂුවැන්ජි තුළින් මතුවූ පෙර නොවූ විරූ ආකාරයේ ශක්තියක් සහ බල පරාක්‍රමයක් හඳුනාගැනීමට සමත් වූ ජොං මින් යෑන් ඒ පිළිබඳව සැලකිලිමත් වේ. මේ අතර යූ ස’ෆං ගේ සිතෙහිද චූ ෂුවැන්ජි පිළිබඳව යම් උනන්දුවක් ඇතිවේ. ෂාඕයැං නිකායට ඔවුන් නැවත පිවිසීමෙන් පසුව තම සොයුරිය වන ලින්ග් ලොං සමගින් ලෝක ගවේෂණයේ යෙදීමට චූ ෂුවැන්ජි ...