කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)
ෂාඕයැං නිකායට ඔවුන් නැවත පිවිසීමෙන් පසුව තම සොයුරිය වන ලින්ග් ලොං සමගින් ලෝක ගවේෂණයේ යෙදීමට චූ ෂුවැන්ජි අදහස් කරයි. සමුළුවෙන් පසුව , දියැන් ජිං නිකායෙහි ගෝලයෙකු වන වූ තොං විසින් බලවත් ධ්‍යානවේද ක්‍රමයක් භාවිතයෙන් තරඟාවලිය අතරතුරේදී චූ ෂුවැන්ජි හට තුවාල කිරීමට ගත් උත්සාහය හේතුවෙන් ලින්ග් ලොංගේ සිතෙහි වූ තොං පිළිබඳව වෛරයක් ඇති විය. වූ තොං ගෙන් පළිගැනීමට මෙම මිතුරන් සිව් දෙනා එක්වන්නේ ඔවුන්ගේ මතු ආපදාවන්ට නොදැනුවත්වම ඔවුන් විසින්ම බීජ වපුරා ගනිමිනි.
ඔවුන් වෙන් වී සිව් වසරකට පසු ෂාඕ යැං නිකායෙහි තරුණ ගෝලයන් තම පුහුණු වීම් සිදු කිරීම සඳහා නැවතත් කඳුකරය පාමුළට පිවිසේ. කුඩා කල සිටම එකට හැදී වැඩුණු චූ ෂුවැන්ජි, ලින්ග් ලොං සහ ජොං මින් යෑන් හට එහිදී නැවතත් යූ ස’ෆං ව මුණගැසෙන අතර ඔවුන් එකිනෙක කෙරෙහි ආදරයෙන් බැඳේ. එක් අතකින් ජොං මින් යෑන් සහ ලින්ග් ලොං කුඩා කල සිටම එකිනෙකාට ප්‍රේම කිරීමට පටන් ගෙන තිබුණි. එමෙන්ම චූ ෂුවැන්ජි ද ජොං මින් යෑන් කෙරෙහි ඇල්මක් දක්වයි. චූ ෂුවැන්ජී, යූ ස’ෆං සමග බොහෝ සෙයින් ආදරයෙන් බැඳුනත් ජොං මින් යෑන් කෙරෙහි ඇගේ සිතේ තිබූ හැඟීම් අතහැරියේ නැත.මෙය ගාඕ කඳුකරයේ අමනුෂ්‍යයන් දඩයම් කරන අවස්ථාවේදී බිහිසුණු සිදුවීමකට තුඩු දුන් අතර එය ලින්ග් ලොං ගේ හදිසි අතුරුදන් වීමට සහ පංච මහා නිකායන් විසින් කලක් තිස්සේ සඟවා ගෙන ආ රහසක් හෙළි කිරීමට හේතු විය.ෆූ යූ දිවයින වෙත පිවිසි චූ ෂුවැන්ජී සහ යූ ස’ෆං, නැවතත් ජොං මින් යෑන් සමග එක් වූයේ අමනුෂ්‍යයන්ගේ පහරකෑම් වලට ලක්වීමට පෙරය. එහිදී පෙනී යන්නට වූයේ බලවත් යක්ෂයෙකු සිර කර තැබීම සඳහා දෙවියන් විසින් භාවිතා කළ යදම් සෑම නිකායක් සතුවම පවතින බවයි. මෑතක සිට අමනුෂ්‍යයින්ගේ ක්‍රියාකරකම් වැඩි වීමට හේතුව වී තිබුණේ මෙම බලවත් යක්ෂයා මුදාගෙන පංච මහා නිකායන් විනාශ කිරීමේ උත්සාහයක් පැවති හෙයිනි.
මේ සියල්ල සිදුවන අතරතුරේදී ලින්ග් ලොං නැවතත් මතුවේ . නමුත් සත්‍ය වශයෙන්ම සිදුවී තිබුණේ වූ තොං විසින් පළිගැනීම උදෙසා ලින්ග් ලොං ගේ ආත්මය පැහරගෙන නිකාය වලට තර්ජනය කිරීමට උත්සාහ කිරීමයි. ලින්ග් ලොං ව මුදා ගැනීම උදෙසා චූෂුවැන්ජී සහ අනෙකුත් අය ස’ හු (The Purple Fox) ගේ අදහසට එකඟ වී චිංයෑන් නගරයට පිවිසෙන්නේ පළමුව අමරණීයයෙකු මුදා ගැනීමටයි.පසුව ඔවුන් ස’ හු ව අනුගමනය කරමින් බුජොව් කඳුකරය වෙත පිවිසේ.
*****************************************
පෙර භවයකදී සිදුවූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසින් ෂුවැන්ජි , “ආෂියූලුඕ" නම් වූ අසුර දේවතාවකුගේ සිට සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස පුනරුප්පත්තිය ලැබීය. එමෙන්ම ඇගේ නොදැනුවත්කම හේතුවෙන් ඇය අමරණීයත්වය කරා යන මාවතට පිවිසේ. කුඩා කළ සිටම අලස, අවිධිමත් , අන් අය විසින් අප්‍රිය කළ චරිතයක් වූ ඇය අමනුෂ්‍යයන් දඩයම් කිරීමේ ගමන අතරතුරේදී හමුවූ යූ ස’ෆං ගේ හදවත දිනාගැනීමට සමත් වේ. නමුත් ෂුවැන්ජි තම හදවත ඔහු වෙත විවර කිරීමට සැරසෙත්ම යම් වරදවා වටහා ගැනීමක් ඔවුන්ව වෙන් කරයි.
ෂුවැන්ජි හට ප්‍රේමය සහ පෙර භවයේ කුමන්ත්‍රණය යන ද්විත්ව පිඩනයටම මැදි වීමට සිදුවෙයි. මෙම භවයේදී මනුෂ්‍යයෙකු වීම යනු කුමක්දැයි ෂුවැන්ජි හට තේරුම් ගැනීමට හැකි වේවිද? සත්‍ය වශයෙන්ම පුද්ගලයෙක්ට සෙනෙහස දක්වන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට ඇයට හැකිවේවිද? ඇය සැබවින්ම අවිනිශ්චිතයි....
කතෘ : Shi Si Lang
පරිච්ඡේද ගණන : 275
ඉංග්‍රීසි පරිවර්තනය: The Glass Maiden by Lazy Cat
⚠ මෙම සිංහල පරිවර්තනයේ සම්පූර්ණ අයිතිය මා සතු වන අතර අනවසරයෙන් උපුටා ගැනීම හෝ වෙනත් ස්ථානයක පළ කිරීම සපුරා තහනම් වේ. ⚠ ~HeLi Xuan~
Chapter List
පළමු වෙළුම - මනුෂ්‍යයින් ලසුනු වැනිය
2) ෂාඕයැන්ග්
5) ඡන්ද විමසීම
6) වෙස් මුහුණු
8) දිය කිඳුරා
9) ස'ෆං
13) අනුවණ පියවරක්
18) අතීත සිදුවීම්
👉Photo credits for respective owners.

Comments
Post a Comment