13) අනුවණ පියවරක්

ඔහුට තම ශක්තිය පාලනය කර ගැනීමට අමතක විය, ඔහුට සිහියට නැගුණේ යූ ස'ෆං තමාට පහරදුන් විට තම ශක්තියෙන් කොටසක් පමණක් භාවිතා කළ යුතු බව පමණකි.

ඒ වන විටත් බොහෝ සෙයින් ප්‍රමාද වී තිබුණි. ඔවුන් දෙදෙනාම බිමට වැටී වේදනාවෙන් කෑ ගැසූහ. වාසනාවකට මෙන්, ඔවුන් දෙදෙනාම ගොඩබැස තිබුණේ කඳුකරයේ දෙබලකටය,එය ගූ රාජාලියාට පියාසර කර යාමට ප්‍රමාණවත් නොවන තරමේ ඉතා කුඩා ඉඩක් තිබූ ස්ථානයක් වූ අතර, ඌට දෙබලෙන් පිටත සිට ගර්ජනා කිරීම සහ පාලනය ගිලිහී පෙරළීම විනා වෙනත් කළ හැක්කක් නොවීය, ඌගේ පියාපත් වලින් ගුහාව ඉරිතලා යාමට ආසන්නව තිබුණි.

"මම මේ තරම් බලවත් වෙයි කියා කවදාවත් හිතුවේ නැහැ" කියා කෑගැසුවද ඔහු තවමත් සිටින්නේ මහත් භීතියකිනි.

"මට විශ්වාසයි මේ වැටීම මගේ අස්ථි වලට වේදනා දෙන තරමට බලවත් විය යුතු බව." ඔහු දැඩිව පැවසුවේය, "ඌ සම්පූර්ණ අමනුෂයයෙක් වන්නයි යන්නේ! ඔබේ ඇදුරුතුමාට පවා ඌ හා තරඟ කළ නොහැකියි. ඔබ පිළිබඳව සඳහන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ!මට කණගාටුයි..."

ජොං මින් යෑන් ගේ මුහුණ රත් පැහැයට හැරුණු අතර ඔහුට තමා පිළිබඳවම ලැජ්ජාවක්ද දැණුනි.

ඉතා අපහසුවෙන් හිඳගත් යූ ස'ෆං ඇතුලත වැතිර සිටි ෂුවැන්ජි දෙස ආපසු හැරී බලා මෙලෙස මිමිණීය, "එය විශාල කරදරයක්, ඇය අවදි වුණේ නැතිද?"

ඔහුගේ බැල්ම අනුගමනය කළ ජොං මින් යෑන් ටද දක්නට ලැබුණේ කුඩා දැරිය වටකුරු ආකාරයට ගුලි වී ගැඹුරු සුව නින්දක පසුවන ආකාරයයි. ඔහු ඇගේ කම්මුල් අසල තම ඇඟිලි තැබුවේය, ඇගේ කම්මුල් ජේඩ් මෙන් විය, ඇගේ ඇස් පිහාටු යන්තම් වෙව්ලන්නට විය, ඇය ඉතා දැඩි ලෙස ඇගේ ඇහිබැමි රැලි ගසන්නට වූවාය.

"සූකරයෙක් වගේ" ඔහු සුසුම්ලන්නට විය. ඔහු සුසුම්ලූ නමුත් කෙසේ වෙතත් ඔහුට අවශ්‍ය වූයේ සිනාසීමටයි, ඔහුට දැනුණේ මහත් සහනයකි. අවම වශයෙන් ඔවුන් ඒ විශාල වගකීම, ෂුවැන්ජිව ආරක්ෂා කිරීම හෝ සිදු කළහ.

තම මුහුණ පිස දමන්නට වූ යූ ස'ෆං හදිසියේම ගල් ගැසුණි, "මගේ... වෙස්මුහුණ..." ඔහු වහාම තමා වටා ඇති සුන්බුන් අතරින් වෙස්මුහුණ සෙවූ නමුත් ඔහුට එය සොයාගත නොහැකි විය.

"වෙස්මුහුණ දැනටමත් නැති වී ගිහින්," ඔහු පැවසුවේ සිනාසෙමිනි.

නැවත අසුන්ගත් ඔහු හදිසියේම මෙසේ රහසින් පැවසීය, "ඇදුරුතුමනි, ඔබ මට මිය යන තුරාවටම බැණ වදීවි!"

ජොං මින් යෑන් ඔහුගේ සුදුමැලිව ගිය මුහුණ දෙස බලා සිටින්නට වූයේය. වසර පුරාවටම වෙස්මුහුණක් පැළඳ ගෙන සිටින නිසා සාමාන්‍ය පුද්ගලයින්ට වඩා ඔහුගේ මුහුණ බොහෝ සෙයින් සුදුමැලිය, මද අසනීප‍යකින් පෙළෙන්නාක් මෙන් සුදුමැලිය. කෙසේ වෙතත්, ඔහු සුදුමැලි වුවද, ඔහුට ඔහුගේ ස්වාභාවික සුන්දරත්වය සඟවා ගත නොහැකි විය, ඔහුගේ ඇහි බැම, ඔහුගේ ඇස්, ඔහුගේ නාසය, ඔහුගේ තොල්... ජොං මින් යෑන් තම හදවතින්ම ගොලුවී ගොස් ඇති සෙයකි, මේ දරුවා ඉතාම සුන්දරයි!

එය ස්ත්‍රී බවක් හෝ රූමත් බවක් නොව, පැහැදිලි මෙන්ම කඩවසම් පෙනුමකි. පැහැදිලි දෑස් සහ මදක් තද කරගත් දෙතොල් මෙන්ම අහංකාර බව සහ තරුණ පෙනුම, මිනිසුන්ව හරිත උණ බම්බු හෝ ක්‍රේන් පක්ෂීන් පිළිබඳ සිතීමට සලස්වනු ඇත, කෙටියෙන් කිවහොත්, ඒවා ඉතා සියුම් මෙන්ම අලංකාර දෑ විය.

ඔහු දැඩි සෙයින් කැළඹී සිටිනු දුටු ජොං මින් යෑන් හට නිමක් නැතිව මුමුණමින්, ඔහුගේ උරහිසට තදින් තට්ටු කිරීම වළක්වා ගත නොහැකි විය, "ඒයි, මනුෂ්‍යයෙක් නේද? එය හුදෙක් මුහුණ පෙන්වීම පමණක් නෙවෙයිද! තරුණියක් වගේ මැසිවිලි නගන්න එපා! ඒ වෙස් මුහුණක්! ඔබ එය නැති කර නොගත්තේ නම්, අහිමි වන්නේ ඔබේ ජීවිතය! ඔබේ ඇදුරුතුමා එතරම් භයානක නොවේවි, හරිද!"

"ඔබ මගේ මෑණියන් නොවෙයි!" යූ ස'ෆං අමනාපයෙන් මෙන් පැවසීය.

ඔහු ප්‍රාදේශීය ව්‍යවහාරයෙහි චතුර නොවූයේය. ඔහු ඒ ආකාරයට දත්මිටි කන විට මෙම වචන කිහිපය තවත් හාස්‍යජනක විය. ජොං මින් යෑන් හට සිනහව නවත්වා ගත නොහැකි වූ අතර අවසානයේ යූ ස'ෆං ට පවා තම සිනහව වළක්වා ගත නොහැකි විය. ඔවුන් මෙම හමුවීමෙන් පසු සදාකාලික මිතුරන් බවට පත් වූ අතර බොහෝ කලක සිට වූ ඔවුන්ගේ පෙර විසංවාදයන් පසෙකලූහ. එවන් භයානක වාතාවරණයක් යටතේ, සත්‍ය වශයෙන්ම කතාබස් කිරීමට සහ සිනාසීමට පටන් ගත් ඔවුන් නිකායන් පිළිබඳ රසවත් කතා පවා හුවමාරු කරගත්හ.

මාර්ගයේ දෙබල පටු වුවද, එය ගැඹුරු එකක් නොවීය, එය පියවර කිහිපයකින් ඔබව ඉහළින් ඇති ලෙන් බිත්තිය වෙත ගෙන යනු ඇත. ගූ රාජාලියාට ඇතුළු වීමට නොහැකි වුවත් තත්වය සත්‍ය වශයෙන්ම බරපතලය.

දෙදෙනා මද වේලාවක් සංවාදයේ යෙදුණත්, ඔවුන්ට කළ හැකිව තිබූ එකම දෙය නම් පිටත සිටින වැඩිහිටියන් පැමිණ ඔවුන්ව බේරාගන්නා තුරු බලා සිටීම පමණි.

සංවාදයෙන් මද වේලාවකට පසු, ගූ රාජාලියා විසින් පිටත එහා මෙහා පෙරළන ශබ්ද කෙමෙන් කෙමෙන් අඩුවීගෙන යන බවක් ඔවුනට දැණුනි, අවසානයේදී ඌ තුවාල ලබා වෙහෙසට පත්ව ඇති හෙයකි. ඌට තනිවම ගුහාවෙන් පිටතට යා හැකි නම් එය වාසනාවකි, නැතිනම් කොපමණ වේලාවක් මෙම ස්ථානයේ ඔවුනට රැඳී සිටීමට සිදුවේද යන්න ඔවුන්වත් දැන සිටියේ නැත.

"ඔබට තුවාලයිද?" ජොං මින් යෑන් ගේ පපුවේ වූ රුධිර පැල්ලම් දුටු යූ ස'ෆං විමසන්නට වූයේය.

ඔහු පපුව පිසදමා සුසුමක් හෙලුවේය, "එය සීරීමක් පමණයි. අනෙක් අතට ඔබ, උගේ පියාපත්වලින් පහර ලැබීමෙන් පසු ඔබ හොඳින්ද?"

යූ ස'ෆං හිස සැලීය: "කුඩා තුවාලයක්, එපමණයි..."

කටහඬ බිඳ වැටුණු වහාම, ඔවුන් පිටුපසින් වූ දෙයකට ෂුවැන්ජි බැණවදිනු ඔවුන්ට ඇසුණි, ඉක්මනින් හැරී බැලූ ඔවුන්ට දැකගත හැකි වූයේ, ඇය වේදනාවෙන් බිම පෙරළී, මුහුණ රත් පැහැ වී, නළල දහඩියෙන් වැසී ඇති ආකාරයයි.

ජොං මින් යෑන් කෙතරම් බියට පත් වූවාද කිවහොත් ඔහු ඉක්මනින් තම දෑත ගෙන ඇගේ මුහුණ ස්පර්ශ කළේය - එය බොහෝ උණුසුම් විය! ඔහු වහාම ඇගේ මුහුණට තට්ටු කර ඇයට රහසින් මෙසේ පැවසුවේය, "ෂුවැන්ජි...ෂුවැන්ජි? හේයි! අවදි වෙන්න! ඔබට මාව ඇහෙනවද?"

ඇගේ යටි තොල් වල දත් වලින් ගැඹුරු රුධිර පැල්ලම් මතුවන්නට වූයේ ඈ දැඩි වේදනාවකින් පෙළෙන බවක් හඟවමිනි.

යූ ස' ෆං වහාම ඇගේ දෑත අල්ලාගෙන නාඩි බැලීම සඳහා තම අත තැබුවේය, "ඇගේ හෘද ස්පන්දනය බොහෝ වේගවත්!" ඔහු නළල රැලි කරගත්තේය, "ඇයට අසනීප බවක් පෙනෙන්නේ නැහැ..." ඇය සම්පූර්ණයෙන්ම මානසිකව අස්ථාවර වී ඇති බවක් පෙණුනි. පුදුමසහගතය, ඇය කිසිවක් නොදන්නා කුඩා දැරියකි, ඇය හදිසියේම ආවේගශීලීව හැසිරෙන්නේ කෙසේද?

ඔහු නාඩි බැලීමට සූදානම් වූ විට ෂුවැන්ජි ගේ මැණික් කටුව විදුලියක් මෙන් පෙරලී ගොස් තම ඇඟිලි පහෙන් ඔහුගේ මැණික් කටුව අල්ලා ගත්තේ කොක්කකින් අල්ලා ගන්නා ආකාරයටය. වේදනාවෙන් වෙව්ලන්නට වූ ඔහු සිතාගත නොහැකි අන්දමින් තම හිස පහත් කළේය. සත්‍ය වශයෙන්ම මේ කුඩා දැරිය තම ඇස් විවර කළාය!

ඇය ඔහු දෙස නොනවත්වා බලා සිටියාය, කෙසේද යත් ඈ ඔහුගේ ශරීරය විනිවිද ගොස් , අඳුරු ගුහාවේ බිත්ති හරහාද විනිවිද ගොස් දුරස්ථ ස්ථානයක් දෙස බලා සිටින්නාක් මෙනි.

ෂුවැන්ජි! ජොං මින් යෑන් ඇගේ නම අමතා කෑ ගැසුවේය. නමුත් ඇය කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. ඇගේ මුහුණේ තිබූ භයානක රත් පැහැය ක්‍රමයෙන් වියැකී ගොස් එය නැවුම් හිම මෙන් ශ්වේත පැහැයක් ගන්නට විය. ඇගේ ඇහි බැම රැලි වී තිබුණේ ඇයව නපුරු ආත්මයන් විසින් දඩයම් කරගෙන ඇති සෙයකිනි, එය පුදුමසහගතය.

" . . .සොයා ගන්න. . .මරණ . . ." ඇය තුෂ්නිම්භූතව නාඳුනන ස්ථානයක් දෙස බලා සිටි අතර, ඉතා සෙමින් හා මෘදු ලෙස වචන දෙකක් පිට කරන්නට වූවාය.

"කුමක් ද?" ජොං මින්‍ යෑන් හට ඇයව පැහැදිලිව ඇසුණේ නැත, "මිනිසුන් බිය ගැන්වීම නවත්වන්න, හරිද? චූ ෂුවැන්ජි!" ඔහු කෑගැසුවේය.

කටහඬ පිටවුණු සැනින්, අලුත උපන් බිළිඳුන් දස දහසක් එකවර හඬා වැටෙන්නාක් මෙන්, ගූ රාජාලියාගේ මහා කෑගැසීම් ඔවුන්ට ඇසිණි. මේ ආකාරයේ විශාල ශබ්දයක් පැමිණියේ පටු ගුහාවකිනි, එය වඩාත් භයානක එකක් විය.

ජොං මින් යෑන් ට සහ යූ ස'ෆං ට දැණුනේ තම රුධිරය වහ වහා උතුරා යන බවකි, ඔවුන් වමනය කිරීමට මුව ඇරි නමුත් කන් වසාගෙන සිටීමෙන් පලක් නොවීය. ඒ හඬ සෘජුවම කඩාවැදුණේ ඔවුන්ගේ පපුවටයි, ඔවුන් තම හුස්ම නවතා ගැනීමට උත්සාහ නොකළේ නම්, ඔවුන් එම ස්ථානයේදීම රුධිර ගැල්මකින් මිය යනු ඇත.

යූ ස'ෆං කෑ ගැසුවේ දෙගිඩියාවකිනි, "ඌ! ඌ ඇතුලට පැමිණෙනවා!!"

ඔහු කෑ ගැසුවේ එක් වරක් පමණි, පසුව ඔහු තවත් සෙලවීමට නොහැකිව ෂුවැන්ජි මතට ඇද වැටුනි.

ඔහු දැනටමත් ගු රාජාලියාගේ පියාපත් වලින් පහර දීමෙන් ඇති වූ අභ්‍යන්තර ආබාධයකට ලක්ව සිටියේය. ඔහු තමාට බලහත්කාරයෙන් සහයෝගය දුන්නා පමණි. දැන් ඔහුගේ මධ්‍ය සංසරණ ශක්ති පද්ධතියට දරුණු ලෙස හානි සිදුවී ඇත, ඔහුට විශිෂ්ට බුද්ධියක් තිබුණද, ඔහු තවමත් දහතුන් වියැති කුඩා දරුවෙකි.

"කොහෙත්ම නැහැ! ඇයි ඔබත් වැටිලා ඉන්නේ?" කලබලයට පත් වූ ජොං මින් යෑන් හට කළ යුත්තේ කුමක්දැයි සිතාගැනීමට නොහැකි විය, නමුත් පසුව මාර්ගයෙහි දෙබලක අඳුරු ඡායාවක් වූ අතර ගූ රාජාලියා තම පියාපත් ඉවතට ගෙන බිත්තියට එරෙහිව පියවරෙන් පියවර ඇවිදිනු පෙණුනි!

ඔහු කොතරම් බියට පත් වීද යත්, ඔහු නැවතත් අසිපතෙන් සටන් වැදීමට සැරසුණි, නමුත් එය මාර්ගයේ දෙබලකට වැටුණු බව ඔහුට සිහි විය - ඔහුට ඌ සමග සටනෙහි යෙදීමට නොහැකි බව සඳහන් කිරීම අනවශ්‍යය! කළයුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිව, ඔහුගේ අක්මාව සහ පිත්තාශය දියාරු වී යනු දැනුණි...මේ... මරණයද?

ඔහු ෂුවැන්ජි දෙස බැලූ විට, ඇය තවමත් නිහඬව වැතිර සිටි අතර, පෙර තිබූ වේදනාකාරී පෙනුම අතුරුදහන් වී ගොස් තිබුණි.

අවම වශයෙන් ඇය වේදනාවෙන් මිය නොයාමම යහපත්.

ඔහු දෑස් වසාගෙන එක්වරම ෂුවැන්ජි මතට ඇද වැටුණේ තම සිරුරෙන් ඇයව දැඩි ලෙස ආරක්ෂා කිරීමටයි.

ඇගේ සිරුර රක්ත වර්ණ-උණුසුම් යකඩ මෙන් ඇදහිය නොහැකි තරම් උණුසුම් විය. ජොං මින් යෑන් මදක් තිගැස්සී ගියේය, පසුව ඇය දෑස් පියාගෙන යූ ස'ෆං අල්ලාගෙන සිටි අත සෙමෙන් එසවූවාය.


Comments

Popular posts from this blog

කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)