5) ඡන්ද විමසීම

 නිකාය සිසුන් දෙදෙනා ඔවුන් වෙතට දිව විත් මෙසේ පැවසූහ, "මම සිතන්නේ මම දැන් දුටුවා යිං හොං මැතිණිය , නිකාය ප්‍රධානිතුමා සහ එම මැතිණිය අනුගමනය කරමින් පුෂ්ප පලඳනා ශාලාව වෙත යන ආකාරය. යිං හොං මැතිණිය ඔබට මෙම පණිවිඩය ලබා දුන්නේ කවදාද?"

දැඩි සිනහවක් මුවගට ගත් ජොං මින් යෑන් මෙසේ පිළිතුරු ලබා දුණි, "එය ලබාදුන්නේ නම් අද උදෑසන, මට සිදුකළයුතු කාර්‍යයන් කිහිපයක් තිබුණ නිසා මැතිණිය සොයා යාමට වේලාවක් හමු වුණේ නැහැ."

"එය එසේ නම්, දැන් ඔබ ඇතුළට යාමේ අවශ්‍යතාවයක් නැහැ, මැතිණිය සහ යිං හොං ප්‍රධානී දෙදෙනාම පුෂ්ප පළඳනා ශාලාවේ සිටින නිසා මට විශ්වාසයි ඔවුන් මේ වන විටත් අවශ්‍ය දෙය කතාබහ කරගන්නට ඇති. ප්‍රධානීන් සහ ප්‍රධාන නිකායන් වල ජ්‍යේෂ්ඨයින් සියල්ලන්ම එහි සිටිනවා, එම නිසා ඔබලා එහි ගොස් ඔවුන්ට බාධා කිරීම නොකළ යුතුයි."

ජොං මින් යෑන් දහස් වරක් සිහි කළද නිදහසට කරුණක් සිතාගැනීමට නොහැකි විය, එම නිසා ඔහුට ආපසු හැරී පිටව යාමට අවශ්‍ය විය. නමුත්, ලින්ග් ලොං දැඩිව මෙසේ පැවසුවාය, "මම දන්නේ නැහැ එය වැරදිද නිවැරදිද කියා. නමුත් හොං නැන්දණියට මේ පිළිබඳව මගේ මෑණියන්ට පෞද්ගලිකව පවසන්නට හැකි නම්, පණිවිඩ හුවමාරු කිරීමට ඇයට අපව අවශ්‍ය වන්නේ ඇයි? ඔබලාට එයවත් අවබෝධ වී නැහැ, එය පැහැදිලි කළ යුතුයි!"

ලින්ග් ලොං පැවසූ දෙයින් ඔවුන් කෝපයට පත් විය. ඒ පිළිබඳව සිතා බැලීමෙන් අනතුරුව, සමහරවිට යිං හොං ප්‍රධානී සහ නිකාය ප්‍රධානීගේ භාර්‍යාව අතර යම් අප්‍රසන්න යමක් සිදුවී, එම මැතිණියගේ දියණිය ලෙස ලින්ග් ලොං ඔවුන් අතර පණිවිඩ හුවමාරු කරනවා විය යුතුය. එය අසාමාන්‍ය සිදුවීමක් නොවේ. කාන්තාවන් අතර සෑමවිටම ප්‍රශ්න හට ගනී, ඔවුන් පැහැදිලි කිරීමකින් තොරවම නීති වෙනස් කරයි, නිකාය ප්‍රධානීතුමාගේ භාර්‍යාව වුවත්, බලවත් යිං හොං ප්‍රධානීවත් මෙම හැසිරීමෙන් නිදහස් වීමට අසමත්ව තිබුණි.

මේ පිළිබඳව සිතමින්, ලින්ග් ලොං සහ මින් යෑන් ව පසු කර යාමට පසුගාමී වූ නිකාය සිසුන් දෙදෙනා ඔවුන් වෙතින් ඉවතට ගියහ.ජේඩ් මළුව හරහා ගොස්, ඉදිරිපස දොරටුව මගහැර, පසුපස මළුවට ළඟා වූ පසු ජොං මින් යෑන්, ලින්ග් ලොං ගේ හිසට තට්ටු කර සිනාසෙන්නට විය, "ඔබ ඇත්තටම උමතුවෙන්!යිං හොං ප්‍රධානීතුමා ඔබට කිසිවක් සිදුකර නැහැ, ඔබ ඇයව අවධානමක හෙළුවා."

ලින්ග් ලොං කෝපයෙන් මෙසේ පැවසීය, "කුකුළු පිහාටු ඊතල ලෙස භාවිත කිරීමට ඔවුන්ට ඉඩ දුන්නේ කවුද? එය රහස් ඡන්ද විමසීමක් නම්? හොරෙක් මෙන් ලැජ්ජාවීමට දෙයක් නැහැ. අප වෙන කුමක් සිදු කරන්නද?"

කතා බහ මධ්‍යයේ ඔවුනට පුෂ්ප පළඳනා ශාලාව දිස් වුණි. එයට ශාලාවක් ලෙස පැවසුවත්, සත්‍ය වශයෙන්ම එය කුළුණකි. එය ඉදිරිපස උණ අරඹක් සහ නිල් පැහැ ජල ප්‍රාකාරයක් විය. සිහින්, ශ්වේත වර්ණ කොකුන් ආහාර සොයමින් සැරිසරන්නට වූ අතර දෙතුන් දෙනෙකු ජල ප්‍රාකාරය ඉදිරිපිට විවේක ගනිමින් සිටියහ. ජේඩ් මළුවට කෙතරම් දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණේද යත්, පුෂ්ප පළඳනා ශාලාව ඉදිරිපිට කිසිවෙකුත් දක්නට ලැබුණේ නැත.

ලින්ග් ලොං ඇතුළට කඩා වැදීමට සැරසෙනු දුටු මින් යෑන් ඉක්මනින්ම ඇයව නැවැත්වුයේය, "අපි ඔවුන්ට බාධා නොකළ යුතුයි. අපි කවුළුව යටට වී සියල්ල අසාගෙන සිටිමු."

එසේ පවසමින් දෙදෙනාම ගොඩනැගිල්ලේ බටහිර දෙසට වන්නා වූ කවුළු වෙත පියමනින්නට වූහ, කවුළු පියන් හොඳින් විවෘත කර තිබූ අතර තේ වල ඉමිහිරි සුවඳ පිටතට පැමිණෙන්නට විය.

ඇතුළත වූ අයෙක් කතා කරනා ශබ්දය ඔවුන්ට ඇසුණි, ඒ ෂාඕයැන්ග් නිකාය ප්‍රධානී ෂිඒ ලෙයි විය.

"...කුසපත් ඇදීම සඳහා අපි පෙර වර්ෂ වල නීතිම අනුගමනය කළ යුතුද? කරුණාකර ඔබලාගේ නම් උණ පතුරු වල ලියන්න, මැතිණිය කුසපත් ඇදීම සිදු කරාවි. පුෂ්පය නෙළාගැනීමේ වගකීම පළමු පස් දෙනාට හිමි වේවි."

පළමු පස් දෙනා පුෂ්පය නෙළා ගන්නවා? ලින්ග් ලොං මොහොතකට ප්‍රතිචාර දැක්වීම නවතා සිටියාය. ජොං මින් යෑන් නිශ්ශබ්දව "අසුරයින්" යන වචනය මුවින් පිට කළේය. එය දුටු වහාම ඈ අවබෝධ කරගත්තේ තරඟයෙහි ප්‍රධාන අංගය වූ අසුරයන් දඩයම් කිරීම සඳහා මෙම කුසපත් ඇදීම සිදු කරන බවයි.

ෂිඒ ලෙයි තම කතාව අවසන් කරත්ම ඔහුට සිනාසෙන ගොරෝසු හඬක් ඇසුණි. "චූ ප්‍රධානීතුමා හරිම මසුරුයි. පුෂ්ප පළඳනා තරඟාවලිය ඔබේ නිකායේ පැවැත්වුණත් ,කුසපත් ඇදීම සිදුකරන්නේ ඔබේ බිරිඳ විසින්. මම දන්නේ නැහැ මෙය නිවැරදිද කියලා."

ෂිඒ ලෙයි තම මුහුණෙහි වූ හැඟීම් වෙනස් නොකරමින්ම එම පුද්ගලයාට දැඩි ලෙස පිළිතුරු ලබා දුන්නේය. ඔහු සිනාසුණා පමණි, "සොං දාඕ ගේ කතාව ඉතා බරපතලයි, නමුත් කුසපත් ඇදීම සංවිධානය කර ඇත්තේ ඉතා අවංකව. මගේ බිරිඳ අපේක්ෂකයන් අතර නොසිටින නිසා ඇයට කුසපත් ඇදීම සිදු කළ හැකියි. ඔබ මෙය නුසුදුසුයි කියා සිතනවානම්, කුසපත් ඇදීම සඳහා සුදුසු පුද්ගලයෙක් ඔබම යෝජනා කරන්න, කිසිදු විරෝධයක් නැහැ."

"අපි සියල්ලෝම ආගන්තුකයින්, ආගන්තුකයින්ට ඔවුනට සිතෙන පරිදි කිසිවක් සිදු කරන්න බෑ. විරෝධතාවන් තියන්න පුළුවන් කොහේද! ඉදිරියට එන්න! ඉක්මන් කර කුසපත් ඇදීම සිදුකරන්න! උත්සවය ඉක්මනින්ම අවසන් කර අපි නිවෙස් වලට ගොස් නින්දට යමු!" විරාමයකින් පසු ඔහු පැවසුවේය. "සත්‍ය වශයෙන්ම, මෙයට ෂාඕයැන්ග් නිකාය ඇතුළත් වෙන්නේ නැහැ. පසුගිය වතාවන් වලදී අනික් නිකායන් වල කිසිවෙක්ට අවස්ථාවක්වත් ලැබුණේ නැහැ, එම නිසා මෙවර අපි ඔවුන්ව අමතක නොකළ යුතුයි!"

ෂිඒ ලෙයි ඔහුගේ වදන් ඇසූ වහාම, මෙම පුද්ගලයා සත්‍ය වශයෙන්ම, ඔවුන් පුද්ගලික වාසි සහ අනුග්‍රහය සඳහා වංචා කළ බවට චෝදනා කිරීමට තරම් එඩිතර වූ බව පැහැදිලි විය. ඔහු යමක් පැවසීමට සැරසෙත්ම පසෙකින් ගැඹුරු හඬක් ඇසුණි, " සොං ප්‍රධානීතුමා, කලබල වීමට අවශ්‍ය නැහැ. ඔවුන් ඔබට නියමිත වේලාවට යාමට ඉඩ නොදෙනු ඇතැයි ඔබ සිතනවාද? ඔබ ෂුවැන් යුවාන් නිකායේ ශක්තිමත් ශිෂ්‍යයෙක් සහ සියල්ලන්ගේම ජ්‍යේෂ්ඨයෙක්, ඔබ පුෂ්ප නෙළීමට උනන්දුවක් දක්වන්නේ නැති බව පෙනෙන නිසා, ෆූයූ දිවයිනට ඔබ අවස්ථාවක් ලබා නොදෙන්නේ ඇයි?"

සොං දාඕ අඳුරු ලෙස සිනාසුනත්, කතා කිරීම නැවැත්වූයේය. ෂිඒ ලෙයිද පෙරලා සිනාසුණත් කිසිවක් පැවසූයේ නැත. හ' දන් පිං උණ පතුරු බෙදා දී සිනාසෙමින් මෙසේ පැවසීය, " කරුණාකර ඔබලාගේ නම් උණ පතුරු වල සඳහන් කර විශල උණ බඳුනට දමන්න. ප්‍රථම ජයග්‍රාහකයින් පස් දෙනාට ගොස් පුෂ්පයන් නෙළා ගැනීමට සිදු වෙනවා." ඇය ප්‍රසන්න සිනහවක් පෑවේ, ජ්‍යේෂ්ඨ සොං දාඕ ගේ පෙර කී වදන් කිසිවක් නොඇසුනාක් මෙනි.

කිසිවක් පැහැදිලිව නොඇසුණු හෙයින් ලින්ග් ලොං හට තම හිස මදක් එසවීමට අවශ්‍ය විය. ජොං මින් යෑන් ක්ෂණිකව ඇයගේ හිස පහතට කර තම හඬ බාල කරමින් මෙසේ පැවසුවේය, " සෙලවෙන්න එපා, ඇතුළේ සිටින්නේ අතිදක්ෂ ධ්‍යානවේදීන්. හසුනොවී සිටීමට වගබලාගන්න. දැන් මම ඔබෙන් අහන්නේ, ලෝකයේ පවතින පංච මහා නිකායන් මොනවාද කියලා?"

ලින්ග් ලොං තුල ඕනෑවට වඩා වූ කුතුහලය නිසා එබිකම් කිරීමට ගොස් හසුවෙතැයි බිය වූ ජොං මින් ‍යෑන් , ඇගේ අවධානය වෙනතකට යොමු කිරීමට යමක් සොයාගත්තේය. ජයග්‍රාහී ලෙස හිස සැලූ ඈ ස්ථිර ලෙස එය්ට පිළිතුරු ලබා දුණි, "ඔබ එයවත් දන්නේ නැද්ද? පංච මහා නිකායන් වන්නේ මධ්‍යම තැනිතලා ෂාඕයැන්ග් කඳු මුදුන, නන්ෂාන් ෂුවැන් යුවාන් නිකාය, බෙයි යැන්ග් ෆූයූ දිවයින, බටහිර වනගත දියැංජින් නිම්නය සහ ඉඳුරු දිග සමුද්‍ර ලීස' මාළිගය. දීර්ඝ ඉතිහාසයක් සහ බොහෝ ශිෂ්‍යයින් පිරිසක් ඇති පංච මහා නිකායන් වටා මුළු ලොවෙහිම මිනිසුන් එක්‍ රැස් වෙනවා. වසරින් වසර ශිෂ්‍යයින් සංඛ්‍යාව අඩු වීමත් සමග ෂාඕයැන්ග් නිකාය මෑතක සිට පරිහානියේ ලකුණු පෙන්නුම් කළා පමණයි. කෙසේ වෙතත් ඔවුන්ව තවමත් අවතක්සේරු නොකළ යුතුයි. ඔවුන් තවමත් ඉතා බලවත් සහ අවතක්සේරු කළ නොහැකියි. ලීස' මාළිගය, පසුගිය පනස් වසර තුර ඇතිවූ නව නිකායක්. දැන් එය දියුණුවෙමින් පවසන්නේ, එලෙසම ඔවුන්ට ෂාඕයැන්ග් නිකාය සමග සම්බන්ධ වීමට අවශ්‍ය වී ඇති බව පෙනෙනවා. නමුත් මට සිතෙන්නේ එහි පුද්ගලයන් සියළු දෙනාම බොහෝ අමුතුයි...ඔවුන් කාන්තාවන්ද පුරුෂයින්ද කියාවත් අපිට පැවසිය නොහැකියි... අපි දැනටමත් ෆූ යූ දිවයින සහ දියැං ජින් නිම්නය සමග කුළුපඟයි, මම තවත් විස්තර පවසන්න ඕනිද?"

ජොං මින් යෑන් තම දෙබැම ඔසවා සිනාසුණි, තම හිස නැවත නැවත සොලවමින් ඔහු සෙමෙන් මෙසේ පැවසුවේය, "වෙන කිසිවක් අනවශ්‍යයි, මතකද අපි වසර දෙකකට පෙර ෆූ යූ දිවයිනට ගියා? මම අපේක්ෂා කළේ නෑ එතරම් අලංකර සමුද්‍ර පුෂ්පයන් එවැනි කුඩා දිවයිනක තිබේවි කියා. නමුත් මැතිණිය දිවයිනෙන් පිටතට පැමිණි වහාම, ඒ පුෂ්පයන් සියල්ලන්ගේම වර්ණය නැතිවී ගියා..."

ලින්ග් ලොං ඔහු දෙස නෙත් යොමා, "අපූරුයි, එසේනම් ඔබ සියළු දෙනාම ඔබලාගේ එදිනෙදා ජීවිතයේදී මේ පිළිබඳව අවධානය යොමු කරනවා, මම ගිහින් පියාණන්‍ට පවසනවා ඔබ කලබල වී ඇති බව, ඒ වගේම හුරුබුහුටි ගැහැණු ළමුන් ඔබේ පුහුණු වීම් වලට උපකාර නොකරන බව." යනුවෙන් පැවසුවාය.

ඇය සරදම් කරනා බව ජොං මින් යෑන් දැන සිටියේය, එමෙන්ම ඇය සමග ගනුදෙනු කිරීමද පහසු නොවීය, එම නිසා ඔහූ ඈ සමග සිනාසී මෙසේ පවසන්නට විය, "එමෙන්ම, මටත් වඩා බලා සිටි පුද්ගලයා කවුද?"

ලින්ග් ලොං සුසුම්ලන්නට වූවාය, "සත්‍ය වශයෙන්ම, මම දැක නැහැ ඇයට වඩා විශිෂ්ඨ අයෙක්..." එසේ පැවසුවත් ඇය එය පිළිගැනීමට පසුබට විය, "මගේ මෑණියන් හැර, අනිවාර්‍යයෙන්ම!"

ජොං මින් යෑන් සිතා මතාම ඇයට සරදම් කිරීමට සැරසුණි, ඔහු කවුළුවෙන් ඇතුළයට යන බව හඟවා එදෙස බලමින් මෙසේ පැවසුවේය, "  එසේ නම් මම බලන්නම් මෙවර මැතිණිය පැමිණියාද කියලා, එපා වනතුරුම ඇය දෙස බලාසිටින්නම්.

සිනාසුණු ලින්ග් ලොං ඉක්මනින්ම ඔහුව තල්ලු කළාය, "දියැන්ෂින් නිම්නයේ ජ්‍යේෂ්ඨයින් ඔබව පිටතට ගෙනගොස් පහර දීම වළවක්වා ගන්නට වග බලා ගන්න!"

තම වාක්‍ය නිමා කිරීමටත් පෙර ඇයට ඇතුළතින් "හහ්" ලෙස ශබ්දයක් ඇසුණි. ඔවුන් කෙතරම් බියට පත් වීද යත්, කවුළුව යටට වී ඔවුන් තම සුසුම් පවා සිරකරගෙන, චලනය නොවීමට වගබලා ගත්හ.

එසේම, සියළු දෙනාම තම නම සහිත උණ පතුරු විශාල උණ බඳුනට විසි කරන්නට වූහ. ඔවුන් සොං දාඕ ඉදිරියට පැමිණියත් කිසිදු චලනයක් නොදැක්වූ ඔහු තම අතට උණ පතුරු ගනිමින් ඒවා විවිධ හැඩයන්ට නවා දමන්නට විය.

හ'දන් පිං සිනාසී මෙසේ විමසුවාය, "සොං ප්‍රධානීතුමා තවමත් නම ලියා අවසන් නැතිද?"

තම හිස සැළූ සොං දාඕ දැඩි හඬකින් මෙසේ පැවසුවේය, "ෂුවැන් යුවාන් නිකායේ ආරාධිතයෙක් ලෙස, මම සිතන්නේ මම කිසිවක් පැවසීම සුදුසු නැහැ. නමුත් පුෂ්ප නෙළීම් ඉසව්වේ සංවිධායකයන් ෂාඕයැන්ග් නිකාය නිසා, ඔවුන් තම රහස් නොසැඟවිය යුතුයි. ෂාඕයැන්ග් නිකායේ තවත් සාමාජිකයින් දෙදෙනෙකුගේ නම් පතුරුවල නොමැති විට අපගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පත් කිරීමේ අරමුණ කුමක්ද?"

හ' දන් පිං ගේ ඉරියව් මදක් වෙනස් විය, "ජ්‍යේෂ්ඨ සොං අදහස් කරන්නේ කුමක්ද කියා මට වැටහෙන්නේ නැහැ? ෂාඕයැන්ග් නිකායෙහි ශාඛා හතම මෙහි සිටිනවා, මම කල්පනා කරන්නේ ප්‍රධානීතුමා පවසන පුද්ගලයින් දෙදෙනා කවුරුන්ද යන්න?"

සොං දාඕ උපහාසයට මෙන් පිළිතුරු ලබා දුන්නේය, "එසේනම් ඒ ෂාඕයැන්ග් නිකායේ ශිෂ්‍යයින් නෙවෙයි! ඔවුන් හොරෙන් එබිකම් කරන මීයන් විය යුතුයි! අපි බලමු මෙතරම් නිර්භීත කවුද කියලා!"

ඔහුගේ සළුව මදක් සෙලවිණි, ඔහුගේ අසිපත් කොපුව අතරින් සිසිල් අසිපත් ශක්ති රේඛා දුසිම් ගණනක් විසි විය. විශාල ශබ්දයක් නංවමින් එය ලින්ග් ලොං සහ මින් යෑන් සඟව සිටි කවුළුව දෙසට යොමු විය. මම චලනය හඳුන්වනු ලබන්නේ අසිපත් දසදහසේ  විල්ල නමිනි, එය ෂුවැන් යුවාන් නිකායෙහි විශිෂ්ඨම කුසලතාවන්ගෙන් එකක් වේ. ඔහුගේ බලවත් චලනයන් හමුවේ රැස්ව සිටි පිරිස විමතියට පත් විය.

මහලේ බිත්තිය අසිපතෙහි ශක්තිය හේතුවෙන් බිඳී යාමට ආසන්නය, අළු පැහැ බොඳ ධාරාවන් අකුණු මෙන් ඇදී යනු පෙනේ, සත්‍ය වශයෙන්ම එය අසිපතෙහි ශක්තියද අභිබවා ගොස් ඇතිවාක් මෙනි. එම උත්කර්ශවත් ශාලාවේ බිත්ති අසිපතෙහි ශක්තිය හේතුවෙන් කුඩා කොටස් වලට බිඳී ගොස් ඇත, එමෙන්ම ඒ වටා විශාල දූවිල්ලක් සහ දුමාරයක්ද විය.

සොං දාඕ තම මුහුණෙහි ශෝකාන්විත බවක් මවා ගනිමින් උපහාසයට මෙන් මෙසේ පැවසුවේය, "චූ ප්‍රධානීතුමා, ඔබ මෙම නිකායේ නායකයා වීමට සුදුසුයි, හොඳ ශරීරයක් සහ හොඳ හැකියාවක්."

ඔහු තම ඇසිපිය නොසලා බලාසිටින්නට වූයේ දුමාරයට වසන්ව සිටි දේවතාවෙක් වන් වූ පුද්ගලයා දෙසයි, ඔහුට කිසිදු හානියක් වී තොතිබුණි, මුහුණෙහි සුපුරුදු ඉරියව්ව එලෙසින්ම විය, එය ඔහු උද්‍යානයේ ඇවිදින්නාක් මෙන් විය. ඔහු දරුවන් දෙදෙනා අල්ලාගෙන සිටියේය,ලින්ග් ලොං සහ ජොං මින් යෑන්... ඔවුන්ගේ මුහුණු නිල්පැහැයට හැරී සුදුමැලි වී තිබුණි.

නිරුපද්‍රිතව සිටින තම දියණිය දුටු හ' දන් පිං කෙතරම් කම්පනයට පත් වූවාද කිවහොත් තම දියණියට අනතුර සිදු කළ පුද්ගලයාට දොස් පැවරීමට පවා ඈට අමතකව ගොස් තිබුණි, තම දියණිය වෙත දිව ගිය ඈ, ලින්ග් ලොං ගේ ගෙල අතගා සනසවමින්, "ඔබ හොඳින්ද? තුවාල වුණාද?" යැයි විමසීය.

ලින්ග් ලොං කෙතරම් කම්පනයට පත් වී සිටියාද කිවහොත් ඈ හට තමා වෙව්ලන දෙතොල් වලින් වචනයකුදු පිට කිරීමට නොහැකිව තිබුණි, හ' දන් පිං ඉතාමත් අපහසුවෙන් ඇයව පසෙකට ගෙන ගොස් සන්සුන් කිරීමට උත්සාහ කළාය. නමුත් ජොං මින් යෑන් එතරම් වාසනාවන්ත නොවීය. ෂිඒ ලෙයි තමා දෙස බලා සිටිනු දුටු ඔහුට කරගත හැකි කිසිවක් නොවුණි, ඔහු දණින් වැටී මෙසේ මුමුණන්නට විය, "ඇදුරුතුමණි..."

ෂිඒ ලෙයි නළල රැලි කර ගැඹුරු හඬකින් මෙසේ පැවසුවේය, "නැගී සිටින්න, මුලින්ම පසෙකට යන්න! මම ඒ ගැන පසුව කතා කරන්නම්."

ඡන්ද විමසුමෙන් අනතුරුව ඇදුරුතුමන් විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් අනිවාර්‍යයෙන් සොයාබලන බව දැනගත් ජොං මින් යෑන් ගේ හදවත දුර්වල විය. ලින්ග් ලොං හට නම් උපරිම වශයෙන් දොස් නගනු ඇත. නමුත් ඔහු බිය වූයේ තමාටත් ෂුවැන්ජිට මෙන් මින්ග් ෂියා ගුහාවට යාමට සිදුවේ දැයි කියාය.

ෂුවැන්ජි පිළිබඳ සිතූ ඔහුට ක්ෂණිකව මතකයට නැගුණේ ඔහු ඇගේ දිවා ආහාරය ගෙන ගොස් නොදුන් බවයි. ඒ වන විට දහවල ගෙවී නිම වීමටත් ආසන්නව තිබුණි, එම කුඩා දැරිය කුසගින්නෙන් සංත්‍රාසයට පත් වී සිටිනවා විය යුතුය. එවන් අඳුරු ස්ථානයක ඇය තවමත් කුසගින්නේ හුදෙකලාව බලා සිටී... ලින්ග් ලොං ගේ අකටයුතුකම් වලට තමා එකඟ නොවූවා නම් අගනේයැයි කියා ඔහු බොහෝ සෙයින් පසුතැවිලි වන්නට වූයේය.

ඔහු නිහඬව ශාලාවේ පසෙකට පසුබසින්නට වූ අතර හ' දන් පිං , ලින්ග් ලොං හට යමක් රහසේ පවසන ආකාරය දුටුවේය. ඇගේ මුහුණ තවමත් දැඩි බියකින් පිරී ගොසිනි, නමුත් පෙර මෙන් සුදුමැලි නොවීය. තම මවගේ දෝෂාරෝපණයන් හමුවේ මඳක් කෝපයට පත්ව ඇති බවක් ඇගේ මුහුණෙන් පෙනෙන්නට තිබුණි.

කෙසේවෙතත්, ෂිඒ ලෙයි ඔවුන් දෙදෙනාම අසිපත් දසදහසේ බලයෙන් ගලවාගෙන තිබුණි, එය සියළු දෙනාගේම සුසුම් මැද ප්‍රශංසාවට ලක්වීමට හේතුවක් වී තිබුණි, සත්‍ය වශයෙන්ම ඔහු මෙහි නිකාය ප්‍රධානියා වීමට සුදුසුය. නමුත් ඔහු තම මුහුණෙන් කිසිදු හැගීමක් පිටතට පෙන්වූයේ නැත, උණ පතුරු වලින් පිරුණු බඳුන මේසයක් මත තැබූ ඔහු සිනහමුසු මුහුණින් මෙසේ පැවසුවේය, "සිදුවූ ප්‍රමාදය සම්බන්ධයෙන් මට සමාවෙන්න. උණ පතුරු සියල්ලෙහිම නම් සඳහන් වී තිබෙන්නේ. එම නිසා දැන් කුසපත් ඇදීම සිදු කරමු..."

ඔහුට දැඩි මුහුණක් ඇති බවත් ඔහු සෑම විටම අතිශය බැරෑරුම් ලෙස කටයුතු කරන බවත් සියළු දෙනාම දැන සිටියහ, නමුත් ඔහුගේ මුහුණෙන් පෙනෙන සන්සුන් භාවය වැඩිවන තරමටම ඔහු කෝපයට පත් විය. ඡන්ද විමසීම දෙස හොරෙන් බලා සිටීමෙන් ඔහුගේ ශිෂ්‍යයන් ෂාඕයැන්ග් නිකායට කැලැලක් එක් කර ඇත. එහි වූ පුද්ගලයන්ට මේ සම්න්ධයෙන් උපහාස කිරීමට අවශ්‍ය වුවත්, පැවසිය යුත්තේ කුමක්දැයි ඔවුන් දැනසිටියේ නැත. හ' දන් පින් කුසපත් ඇදීමට පැමිණෙනු දුටු සියළු දෙනාම නිහඬ විය.

හ' දන් පිං බඳුනට අත දැමීමට සූදානම් වූවා පමණි, සොං දාඕ උපහාසාත්මක ලෙස වදන් හසුරුවන ආකාරය ඇයට ඇසුණි, "ඔව්, ඔව්! ෂාඕ යැන්ග් නිකාය තවමත් නිවටයන් සේ හැසිරෙනවා!ඔබලා දැඩි නැහැ, ඔබේ ශිෂ්‍යයන් පිළිබඳ කටයුතු කිරීමට අපට ඉඩදෙන්න! ඔවුන්ගේ ක්‍රියාවන් වසන් කර දඬුවම් නොකිරීම නීතියට පටහැනියි! මම සිතන්නේ අප තවදුරටත් පුෂ්ප පළඳනා තරඟාවලි සමාරම්භය පැවැත්වීමේ අර්ථයක් නැහැ!"

ෂිඒ ලෙයිට කෝපය පාලනය කරගැනීමට හැකි වූයේ නැත, මෙම පුද්ගලයා කුපිතව එකම දෙය නැවත නැවත පවසන බවක් පෙන්නෙනට තිබුණි, ඔහු ෂුවැන් යුවාන් නිකායේ ජ්‍යේෂ්ඨයෙක් නොවන්නට, ෂිඒ ලෙයි ඔහුට පිටුපාන්නේ ,මීට බොහෝ කලකට පෙරය. ෂුවැන් යුවාන් නිකායෙහි පෙර ප්‍රධානී, ජු ෂ' මෙම නිකායන් දෙක එක හා සමාන බව වාචිකව පොරොන්දු වුවත්, වසර සිය ගණනක් මුළුල්ලේ වූ අසමගිය දශක ගණනකින් තුරන් කරන්නේ කෙසේද!

ඔහු වහාම දැඩි ලෙස පැනයකින්ම ඊට පිළිතුරු ලබා දුණි, "සොං දාඕ ජ්‍යේෂ්ඨතුමා සතුව කුමක් හෝ උපදෙසක් තිබේ දැයි කියා මම කල්පනා කරන්නේ?"

සොං දාඕ ත්ම රැවුල අතගාන්නට විය. ඔහුගේ පැහැපත් පිරුණු මුහුණෙහි වූයේ නුපුරුදු සිනහවකි, "මම කිසිදු උපදෙසක් දෙන්නට එඩිතර වන්නේ නැහැ. කෙසේ වෙතත්, පුෂ්ප පළඳනා තරඟාවලියේ නීති වල සඳහන් වෙනවා තරඟාවලියට සහභාගී වන සියළු දෙනාට කුසපත් ඇදීමේ අයිතියක් ඇති බව. කිසිවෙකුට හෝ සහභාගී විය නොහැකි නම්, ඔහු වෙනුවෙන් වෙන අයෙක්ට පෙනී සිටිය හැකියි. චූ ප්‍රධානීතුමාගෙන් මට විමසීමට ඇත්තේ, ෂාඕ යැන්ග් නිකායේ එම ශිෂ්‍යයින් දෙදෙනා ලී රූකඩයන් ලෙස සලකා ඔවුන්ට කුසපත් ඇදීමට ඇති අයිතිය අහිමි කිරීමට ඔබ අදහස් කරනවාද කියලා?"

ෂිඒ ලෙයි තම කෝපය යටපත් කරගෙන ගැඹුරු හඬකින් පැවසුවේ, "මෙම තරුණ ආධුනිකයින් දෙදෙනා තවමත් ලා බාලයි, එක් අයෙක් එකොළොස් වියැතියි, අනෙකා දාහතර වියැතියි.ඔවුන් පියාසර  කිරීමටවත් දන්නේ නැතිනම් කුසපත් ඇදීම සඳහා සුදුසුකම් ලබන්නේ කෙසේද? ඔවුන් ජයග්‍රහණය කළත් පුෂ්පයන් නෙළන්නේ කෙසේද?මේ මෙහෙයුම ඔවුන්ව නිකරුණේ මරා දමාවි." ලෙසය.

සොං ජ්‍යේෂ්ඨ තුමා තම හිස සොලවා, "නෑ,නෑ, නෑ, නෑ! අපට වැටහෙනවා ඔබේ බාලයින් ආරක්ෂාකිරීමට චූ ප්‍රධනීතුමා දරන උත්සාහය. මේ ගැහැණු ළමයා ඔබේ දියණිය, එසේ නේද? මම අසා තිබෙනවා චූ ප්‍රධානී තුමාගේ දියණියන් දෙදෙනා තරුණ වියේදීම අසාමාන්‍ය බලයන් ලබා ඇති බවත්, ෂාඕයැන්ග් නිකායේ සියළු දෙනා විසින් රැක බලා ගන්නා බවත්. කුඩා දරුවන් පුහුණු කර පදම් කළ යුතුයි දක්ෂයින් කරවීමට. ඔවුන්ව ආරක්ෂා කිරීමට තරම් ඔබට හේතුවක් නැති වන්නේ කෙසේද? නමුත් කුසපත් ඇදීමෙහි නීති රීති වලට සිදුවන්නේ කුමක්ද?" යැයි පැවසීය.

ෂිඒ ලෙයි එවන් අපහාසාත්මක වදන් විඳ දරාගෙන ඇත, නමුත් ඔහුට එය දරාගත නොහැකි විය, ඔහු දැඩි ලෙස මෙසේ පැවසීය, " ජ්‍යේෂ්ඨ සොං දාඕ අදහස් කළේ මම රැකවරණය ලබා දී ආරක්ෂා කළ බව? අද දින මම..." ඔහුට තම වදන් සම්පූර්ණ කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත, හ' දන් පිං විසින් ඔහුව නවතාලීය. ඇය මෘදුව මෙසේ පැවසීය, "ස්වාමීනී, කෝප ගන්න එපා. ලෝ වීරයන් විසින් ෂාඕ යැන්ග් නිකාය සරදමට ලක් කිරීමට ඉඩ තබන්න එපා."

ෂිඒ ලෙයි ගේ නළලෙහි ශිරා පුපුරා යාමට ආසන්න විය, නමුත් ගැඹුරු හුස්මක් ගත් ඔහු කතා කිරීමට සැරසෙත්ම, ඔහුට පසෙකින් තරුණ හඬක් ඇසුණි, "මම ලියන්නම්! කුසපත් ඇදීම සඳහා මටත් සහභාගී වීමට අවශ්‍යයි!"

පිරිස හැරී බලද්දී දුටුවේ ලින්ග් ලොං වයි. ඇගේ මුහුණ මදක් සුදුමැලි වී තිබුණි, නමුත් ඇගේ දෑස් උද්‍යෝගයෙන් පිරී තිබුණි, ඇය සැබවින්ම පුෂ්ප නෙළීම උද්‍යෝගීමත් කටයුත්තක් ලෙස සලකයි. තම දෙමාපියන්ගෙන් ප්‍රතිචාරයක් නොවූ කල්හි,ඇය මෙසේ පැවසීය, "මටත් කුසපත් ඇදීමට අවශ්‍යයි! පියාණනි! මෑණියනි! නීතිය එය නොවේද? එය සියළු දෙනාටම වලංගුයි නේද? ඇයි මට එය සිදුකළ නොහැක්කේ?"

"විකාර!" ෂිඒ ලෙයිගේ හිසෙන් මහත් වේදනාවක් ගෙන දුන් අතර, සත්‍ය වශයෙන්ම ඔහුට අවශ්‍ය වූයේ මෙම කුඩා නිවටයන් දෙදෙනා ෂාඕයැන්ග් කඳු මුදුනෙන් ඉවතට විසි කර ඔවුන්ට තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට ඉඩ ලබාදීමටයි. හ' දන් පිං සුසුම්ලමින්, "ලින්ග් ලොං, පුෂ්පයන් නෙළීම සෙල්ලමක් නොවේ.ඔබේ පියාටවත් ගනුදෙනු කිරීමට අපහසු වසර දහස් ගණනක් පැරණි අසුරයන්. නිවට නොවී කන්ද පහළට යන්න!"

ලින්ග් ලොං ගේ මුරණ්ඩුකම කෙතරම්ද යත් ඈ දෙමාපියන්ගේ කණස්සලුභාවය පිළිබඳව වත් තැකීමක් නොකළාය. බඳුන වෙත දිව ගිය ඈ හදිසියේම මෙසේ පැවසීය, "නැහැ! මමත් සහභාගී වෙනවා! මෑණියණි, මමත් සහභාගී වීමට සුදුසුයි! ඔබ ඔබගේ ස්වර්ණ අසිපත මට ලබා දුන්නේ නැතිද? එය සරදමක්ද? මට අවශ්‍ය නැහැ මගේ ඉතිරි ජීවිත කාලය පුරාවටම පියාණන් මා පිළිබඳ වද වෙනවා දකින්න."

සොං දාඕ අත්පොළසන් දෙමින් සිනාසුණි, "විශිෂ්ඨයි! ඔබලා ආදරණීය පියෙක් සහ දියණියක්! චූ මෙනවිය සත්‍ය වශයෙන්ම ප්‍රශංසනීයයි!"

ලින්ග් ලොං හට කුසපත් ඇදීමට සහභාගි වීමට ඉඩ ලබා නොදුණහොත් පුෂ්ප පළඳනා තරඟාවලිය අවලංගු වේ යැයි තේරුම් ගත් හ' දන් පිං  බියට පත් විය. සත්‍ය වශයෙන්ම ඇයට තම දියණිය අනතුරේ හෙළීමට අවශ්‍ය නොවීය, එම නිසා ඇය තම ස්වාමි පුරුෂයා දෙස බැලුවේ උපකාරයක් බලාපොරොත්තුවෙනි. ලින්ග් ලොං ගේ උද්‍යෝගීමත් ඉරියව්ව, රත් පැහැ වුණු කුඩා මුහුණ, සිදුවීමට යන අනතුර පිළිබඳ මුළුමනින්ම නොසලකා හරිනා ආකාරය දුටු ෂිඒ ලෙයි හදවතින් සුසුම්ලමින් ඉක්මන් තීරණයක් ගත්තේය.

ඔහු ආපසු හැරී ජොං මින් යෑන් ව කැඳවා, "ඔබ සියළු දෙනාම කුසපත් ඇදීමට සහභාගී වන නිසා, ඇයි ඔබලාගේ නම් සඳහන් කරන්නේ නැත්තේ?" යැයි විමසීය. ජොං මින් යෑන් ගේ උරහිසට දෙවරක් තට්ටු කළ ඔහු මෙසේ පැවසීය, "ඔබ එය සිදු කරන්න, මින් යෑන්."

ඇදුරුතුමාගේ වදන් තුළ නොපැහැදිලි සැඟවුණු අර්ථයක් ඇති බව ජොං මින් යෑන් හට හැඟුනද එය කුමක්දැයි කියා වටහා ගැනීමට ඔහුට හැකි වූයේ නැත, එම නිසා ඔහු පැකිලීමෙන් පින්සල අතට ගෙන ෂිඒ ලෙයි දෙස බැලුවේය.ඔහු මදක් හිස සැලූ අතර සිදු කළ යුත්තේ කුමක් දැයි ජොං මින් යෑන් වටහා ගත්තේය. ඔහුට එය ප්‍රහේලිකාවක් ලෙස දැනුනත්, තවත් ප්‍රශ්න ඇසීමට තරම් ඔහු එඩිතර වූයේ නැත, එම නිසා ඔහු තම හිස සඟවමින් නම් දෙක ලියා උණ බඳුන වෙත එය විසි කළේය.

දැන් සොං ජ්‍යේෂ්ඨතුමාට කිසිවක් පැවසිය නොහැක, එමෙන්ම ලින්ග් ලොං වඩාත් ප්‍රමෝදයට පත් වූවාය, ඇය කෙසේ හෝ එවන් විශාල අවස්ථාවකට මුහුණ දුන්නාය, සමහරවිට ඇයට සියළු දෙනා අනුගමනය කරමින් කන්දෙන් පහළට බැස ගිය විට ජනප්‍රවාදයේ එන විශාල අසුරයා මුණගැසීමට හැකිවනු ඇත.

හ' දන් පිං උණ බඳුන තුළට ඈගේ අත දිගු කලත්, එක් උණ පතුරක්වත් ස්පර්ශ කිරීමට ඇය එඩිතර වූයේ නැත, ඇය බිය වූයේ අහඹුවකින් හෝ ඈ ලින්ග් ලොං ගේ නම සහිත උණ පතුර පිටතට ගනීවිදැයි කියාය, ඇය පහතින්ම එකක් ඇද එය විවෘත කළාය: "ෆූයූ දිවයිනේ සාමිවරයා. දොංෆන් චිංචි."

කෙළවරේම වූයේ දිගු කෙස් කළඹක් සහිත උරහිස් පහතට කරගෙන සිටි විශාල මිනිසෙකි, ඔහු ඝන ඇහිබැමක්, දිගු නාසයක් ඇති උස මහත, ශ්‍රේෂ්ඨ පෙනුමැති අයෙක් විය. ඔහු සිනාසුණි, තම සළුව කෙළින් කරගත් ඔහු ඉදිරියට පැමිණ මහත් ශබ්දයෙන් මෙසේ පැවසුවේය, "මමයි එහි යාමට වරම් ලැබු පළමුවැන්නා! මහත්වරුනි, මට අවසර දෙන්න!"කටහඬ පහත් සහ ගැඹුරු විය,ආරම්භයේදීම සොං දාඕ නිහඬ කළ පුද්ගලයාද ඔහු විය.

සියළු දෙනා සිනාසුණි, සො දාඕ ද සිනාසෙමින් මෙසේ පැවසුවේය, "සුබපැතුම්, දොංෆං, තරඟයෙන් ජයග්‍රහනය කළ පළමුවැන්නා වීම පිළිබඳව."

දොංෆං චිංචි සිනාසී ඊට පිළිතුරු ලබා දුණි: "ඔව්, සොං දාඕ ට ස්තූතියි.මම අපේක්ෂා කරන්නේ ෆූ යූ දිවයිනෙන් තව කිහිපදෙනෙක් සිටී යැයි කියා! අප පරීක්ෂාකාරී වෙන්නම් පුෂ්ප නෙළීමේ අභියෝග පිළිබඳව."

කතාබහ සිදුවන අතරතුරේදී දෙවන කුසපත් ඇදීමද සිදුවිය, හ' දන් පිං ජයග්‍රාහකයාගේ නාමය ප්‍රකාශ කළාය, "චූ යිං හොං, ෂාඕ යැන්ග් නිකායේ යූයැන්ග් හි ශාලාධිපති."

නම ප්‍රකශයට පත් වූ සැනින් සිහින් රුවක් ශාලාව මධ්‍යයට ගොස්, "මම මෙම අවස්ථාව පිළිගන්නවා!" යැයි පවසමින් සියළු දිශාවන්ට හැරී තම ආචාරය දක්වන්නට වූයේය. පිරිසගෙන් ලැබෙන සුබපැතුම් තවත් වැඩි විය.චූ යිං හොං තරුණ වියේ සිටම ඉතා ප්‍රසිද්ධ තරුණියකි, නමුත් දැන් ඇය තම හතළිස් වියට ආසන්නය, නමුත් ඇගේ චමත්කාරය, හිමවන් පැහැපත් පෙනුම,වසර ගණනාවක් තිස්සේ ලද අත්දැකීම් විසින් ලබා ගත් කඩිසර බව හා දක්ෂතාවයන් එලෙසමය, ඇය සැබවින්ම රූමතියකි.

ශාලාව මධ්‍යයේ වූ පස් අසුන් පෙළ දෙසට පියමනින්නට වූ ඈ පළමුව එහි අසුන්ගෙන සිටි දොංෆං චිංචි හට සිනහවකින් සංග්‍රහ කළාය: "මෙවර මම වඩාත්ම විශ්වාසය තබන්නේ දොංෆං චිංචි මත."

දොංෆං චිංචි ක්ෂණයෙන් ඊට පිළිතුරු ලබා දුන්නේය: "මම ඔබට බොහෝ ස්තූතිවන්ත වෙනවා, චූ වීරවරිය. මේ වතාවේ අසුරයින් තුරන් කිරීම සඳහා අප එක්ව කටයුතු කළ යුතුයි."

ඔවුන් ප්‍රියමනාප වදන් හුවමාරු කරගනිමින් සිටියදී, හ' දන් පිං තවන උණ පතුරද පිටතට ගෙන තිබුණි, එය හරවා බැලූ ඇගේ මුහුණෙහි ඉරියව් ක්ෂණිකව වෙනස් වුණි. මද වේලාවකින් පසුව ඇය, "ෂාඕයැන්ග් නිකාය ශිෂ්‍ය... ජොං මින් යෑන්." ලෙස මිමිණුවාය. ඇය ෂිඒ ලෙයි දෙස උපකාරයක් අපේක්ෂාවෙන් බලා සිටියේ මීලඟට සිදු කළ යුත්තේ කුමක්දැයි දැන නොසිටි නිසාවෙනි.

පිරිස කම්පනයට පත් වූයේ, ඔවුන්ව තෝරාගනීවි යැයි කිසිවිටෙකත් අපේක්ෂා නොකළ හෙයිනි. සැනෙකින් දෑස් දුසිම් ගණනක් ජොං මින් යෑන් වෙත යොමු විය. තම නම ඇසුණු වහාම, ඔහු අසුන් පෙළ වෙත පියමැන්නේ කිසිදු පැකිලීමකින් තොරවය, ඔහු දෑත් දෙපසට වනමින් දෑස් පහත් කර, "මම සුදුසු නැහැ, මම ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා,ජ්‍යේෂ්ඨයිනි." ඔහු ඉතා සන්සුන් ආකාරයෙන් කටයුතු කරනා ආකාරය දුටු පිරිස හදවතින් සුසුම්ලන්නට වූයේ අනාගතයේදී ඔහු අතිදක්ෂයෙක් වන බව සිතමිනි.

ෂිඒ ලෙයි සිතුවේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ නමක් තේරී පත්වීමට ඇති අවස්ථාව බොහෝ අල්ප බවයි, නමුත් දෛවය සතුව අන් අයට සරදම් කිරීමේ ක්‍රමයක් ඇති අතර, වැදගත්ම දෙය නම් ඔබට එය සිදුවීමට අවශ්‍ය නොවූ විට ඉක්මනින්ම එය සිදුවීමයි. වාසනාවකට මෙන්, මෙම කුඩා ශිෂ්‍යයා එම අවස්ථාවේ සන්සුන්ව සහ ස්ථාවරව සිටියේය, මුහුණුවර වෙනස් කරගත්තේ නැත. ඔහු මින් යෑන් අසලට ගොස් ඔහුව දිරිමත් කිරීමට සැරසෙත්ම හ' දන් පිං සිව්වන උණපතුරෙහි වූ නම පවසනු ඇසුණි, "ෂාඕයැන්ග් ප්‍රධානී ෂිඒ ලෙයි."

තම නම ඇසුණු වහාම ඔහුගේ හදවත මදක් ගැස්සුණි, ඔහුද අසුන් පෙළ වෙතට ඇවිද යන්නට විය. චූ යිංහොං, ජොං මින් යෑන් ගේ හිස අතගාමින් ඔහුට කතා කරමින් සිටියාය. ෂිඒ ලෙයි පැමිණෙනු දුටු ඈ සිනාසෙමින් මෙසේ පැවසුවාය, "නිකාය ප්‍රධානීතුමා, ඔබ මෙහි පැමිණීම මට සහනයක්. එසේ නැතිනම්, මම බියෙන් සිටියේ මේ දරුවා ආරක්ෂා කිරීමට මට නොහැකි වේද කියා."

ෂිඒ ලෙයි ඉදිරිපස වහාම දණ නැවූ ජොං මින් යෑන් කිසිවක් පැවසීමට එඩිතර නොවීය. ෂිඒ ලෙයි, "නැගී සිටින්න, කිසිවකට බයවෙන්න එපා, කිසිදු චලනයක් දක්වන්නත් එපා, මාව අනුගමනය කිරීම ප්‍රමාණවත්, මෙය ඔබේ දෑස් විවරවෙන අත්දැකීමක්, නමුත් ආපසු පැමිණි විට ඔබව මින්ග් ෂියා ගුහාවේ මසක් සිරකර තබමින් මම ඔබට දඬුවම් කරනවා. "

ජොං මින් යෑන් පසෙකට වෙමින් කඳුළු පිරුණු දෑසින් යුතුව ඊට එකඟ විය. නැගී සිටීමෙන් අනතුරුව, චූ යිං හොං විසින් ෂිඒ ලෙයිව රැගෙන ගියේ දොං ෆං චිංචි සමග පිළිසඳරක යෙදීමටයි.

අනෙක් පස වූ පුද්ගලයින් ජයග්‍රාහකයන් දිරිමත් කරනා අතරතුරේදී සමහර අයවලුන් ෂාඕයැන්ග් නිකාය පුෂ්ප නෙළීම පිළිබඳ වග බලාගන්නා බව පවසමින් සරදම් කරන්නටද විය. සොං දාඕ ගේ මුහුණෙහි වූයේ අශෝභන ඉරියව්වකි, ඔහු කිසිවක් නොකියා නිහඬවම සිටියේය.

හ' දන්පිං ගේ සිතට සහනයක් දැනුණේ තම ස්වාමිපුරුෂයාට ජොං මින් යෑන් ව ආරක්ෂා කිරීමට හැකි වන බව දන්නා නිසාය. අවසාන උණ පතුරෙන් තමා තෝරාගනු ලබන්නේ කවරෙක්ද යන්න හ' දන් පිං හට කිසිදු අදහසක් නොවීය. ඇය සාමාන්‍ය පරිදිම බඳුනෙන් උණ පතුරක් ගෙන හරවා බැලුවාය, ඇගේ මුහුණ සුදු මැලි වී ගියේය.

ඇය අදහාගත නොහැකිලෙස ඒ දෙස බලා සිටියේ එය විනිවිද දැකීමට උත්සාහ කරන්නාක් මෙනි.

අවසානයේ කුමක් හෝ වරදක් සිදු වී ඇති බව සියළු දෙනාට වැටහුණි, චූ යිං හොං සැහැල්ලුවෙන් මෙසේ විමසීය, "පිං අක්කණ්ඩි, කුමක්ද සිදුවුණේ?" ඇයගේ හදවතෙහිද නරකක් සිදුවී ඇති බවට හැඟීමක් විය... ලින්ග් ලොං වත් තේරී පත්වීමට තරම් ඈ අවාසනාවන්ත නොවේවි, නේද?

හ' දන් පිං හට ඇගේ හිස එසවීමට බොහෝ වේලාවක් ගතවුණි, ඇගේ දෑස් මත කඳුළු දිදුලන්නට විය, ඇගේ උරහිස් මදක් වෙව්ලන්නට වූ අතර ඇය ක්ලාන්ත වීමට ආසන්නව සිටින්නාක් මෙන් විය. උණ පතුර හැරවූ ඈ, "ෂාඕ... ෂාඕයැන්ග් ශිෂ්‍ය... චූ ෂුවැන්ජි." ලෙස කඩින් කඩ පැවසුවාය.

පිරිස බොහෝ සෙයින් ඝෝෂාකාරී විය.


Comments

Popular posts from this blog

කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)