12) අසුරයා අල්ලා ගැනීම [3]

ඔවුන් සිතන්නේ කුමක්දැයි දන්නා බව හඟවමින් ගූ රාජාලියා කෙනෙකුගේ දත් කීරි ගැසී යන අන්දමේ වේගවත් ශබ්දයක් නිකුත් කළේය. තනිව සටන් කළහොත් වේදනාවිඳීමට සිදුවන බව දැනගත් ඌ පියාපත් සලා ආරක්ෂිත ස්ථානයකට පලා යාමට සැරසුණි.

චූ ලෙයි ඌට පැනයාමට ඉඩ ලබා දුන්නේ නැත, ඔහුගේ දෑතෙහි චලනයත් සමගම තියුණු නීල වර්ණ සැඟවුණු ආයුධය පෙළක් නිහඬවම පියාසරන්නට විය. ගූ රාජාලියාගේ ගමන් මාර්ගය මින් අවහිර වුණි. එලද කාල සීමාවේ ඇවෑමෙන් තම අසිපත් වලට නැගි ඔවුන් තිදෙනා ඉඅහළට පියාසර කර දිශා ත්‍රිත්වයකින් ඌගේ ගමන් මාර්ගය අවහිර කළේය.

ලෙනෙහි ද්වාරය අසල සැඟව බලා සිටි ජොං මින් යෑන් හට සහ යූ ස' ෆං හට රාජලියාගේ චලනයන් පැහැදිලිව දැකගැනීමට හැකි වූයේ නැත! ගුවන අඳුරු පැහැයෙන් ගිලී ගොස් තිබූ අතර, චලනයන්ද ඉතා වේගවත් විය, එහෙයින් ඔවුනට දැක ගත හැකිවූයේ ගූ රාජාලියා වට කරමින් ගුවනෙහි දිස්වූ අසිපත් ක්ෂණප්‍රභාවන් පමණි. ඌට මොහොතකට හෝ හානියක් සිදුකල නොහැකි වුවත් පලායාමට මාර්ගයක් තිබුනේද නැත.

"මම දැන සිටියේ නැහැ ගූ රාජලියා මෙතරම් බලවත් බව!" මේ ඔහු එතරම් විශාල අසුරයෙක් දකිනා ප්‍රථම අවස්ථාවයි, එහෙයින් ඔහුට සුසුම්ලෑම නවතා ගත නොහැකි විය, "අපට ඌව අල්ලාගත නොහැකි වුණොත් කුමක් සිදුවේවිද?"

සටනෙහි නිරතවන තිදෙනාගේ චලන විලාසයන් අධ්‍යයනය කළ යූ ස'ෆං ඍජුවම මෙසේ පවසන්නට වූයේය, "නැහැ. අපි ඌව අල්ලා ගන්නවා! මට විශ්වාසයි අපිට ඌව අල්ලාගත හැකි බව!"

ඒ කටහඬ ඇසුණු විගස චූ යිං හොං "නවත්වන්න!" යයි තරවටු කළාය. ඇගේ අතෙහි වූ අසිපත රාජලියාගේ වම් ඇස හරහා ගිය අතර කාල වර්ණ උණුසුම් රුධිරයෙන් ඇය නැහැවී ගියාය.

බලවත් වේදනාවෙන් විලාප දෙන්නට වූ ගූ රාජලියාගේ හඬ තැතිගන්වන සුළු, පොළොව තුළින් එන්නා වූ මහා ගිගුරුමක් මෙන් විය. තම දැවැන්ත පියාපත් දෙක දරුණු ලෙස අතුල්ලමින් මුළු සිරුරම අඩි කිහිපයක් ඉහලට ඔසවන්නට වූ රාජලියා ආපසු හැරී පියාසර කිරීමට සූදානම් වුණි.

මොහොතක් හෝ පමා නොවූ චූ ලෙයි වහාම ඌ වෙත විසි කර දැමූ අසුර බන්ධන රැහැනෙහි රාජලියාගෙ නිය පැටළුණි, එක්වරම පහළට ඇද වැටෙන්නට වූ තිදෙනා අසිපතෙන් පවා ඉවතට විසිවීමට ආසන්න විය.

එම මොහොත වන විටත් යූ ස'ෆං වූයේ තම අසිපත මත ය. ඔහුගේ පා තුඩ මනාව අසිපත ස්පර්ෂ කර තිබූ අතර ඔහු පියාසර කරන්නට වූයේ ඉතා සැහැල්ලුවෙනි.

තුෂ්නිම්භූත වූ ජොං මින් යෑන් තම සළුව තුළින් පිටතට ගත් අසිපත් පහක් හෝ සයක් විසිකර ඉහලට පියාසර කරන්නට විය. ගූ රාජලියා සමග ගැටෙමින් සිටි තිදෙනා ඔහු දුටු වහාම මවිතයට පත් විය. කලබලයට පත් වූ චූ යිං හොං '' ඔබ කුමක්ද මෙහි සිදු කරන්නේ? ආපසු යන්න!" යැයි තරවටු කළාය.

වචනයකුදු හෝ නොපැවසූ අත්සළු එක් කොට ගෙන සිටි යූ ස'ෆං, එක්වරම ශ්වේත වර්ණ කුඩු වැනි ද්‍රව්‍යක් විසුරුවා හරින්නට වූයේ හිම පතිත වන දර්ශනයක් මවා පාමිනි.

ගූ රාජලියා සහ ඌ සමග සටනෙහි නිරත වූ තිදෙනාම එයින් නැහැවී ගියේය. ක්ෂණයෙන් ඊට ප්‍රතිචාර දැක්වූ චූ යිං හොං තම දෑත දිගහැර තම උරහිසෙහි වූ කුඩු පිස දමන්නට වූ අතර මදක් ගෙන රස බලන්නටද වූවාය. ඒ ලුණු!

විශිෂ්ඨ දරුවෙක්! ඔවුන් තිදෙනාම අතිශයින් සතුටු වූහ.

සත්‍ය වශයෙන්ම ලුණු වලින් පහර කෑ ගූ රාජලියා බියෙන් කෑ ගසන්නට විය. උගේ එක් ඇසක් සිදුරුවී අන්ධව ගොසිනි, අනෙක ලුණු පහරින් කැපී ගොසිනි, එම නිසා ඌ සම්පූර්ණයෙන්ම අන්ධ භාවයට පත්ව සිටියේය.

පියාපත්වල සමබරතාව ගිලිහී යාම නිසා ඌ ගුවනේ සිට පොළොවට ඇද වැටුණි. ඔවුන් දෙදෙනා වසර ගණනාවක් මුලූල්ලේ එක්ව කටයුතු කරමින් සිටියාක් වැනිය. ඔහු සතුටින් ප්‍රීති ඝෝෂා කිරීමට සැරසෙත්ම, ගූ රාජලියා අරගල කරමින් වනාන්තරය තුල සැඟෙවෙන්නට ස්ථානයක් සොයන්නට විය.

තවමත් උගේ නිය වලට බැඳි රැහැන කොටස් ත්‍රිත්වයකට බෙදා චූ ලෙයි ගේ ඉණෙහි ගැටගසා තිබුණි. තුවාල ලැබූ මෘගයාගේ ප්‍රහාරක බලය අතිශය බිහිසුණුය, පුද්ගලයන් තිදෙනෙකු එක්ව තමන්ගේ උපරිම උත්සාහය යොදමින් ඌව ඇදීමට උත්සාහ කළද එය අසීරු කර්තව්‍යක් විය, එක් අයෙක් ඉහළ යන අතර අනෙකා පහළට යයි, නැගී සිටි අසිපත් ඉතා පහසුවෙන්ම කරකැවිල්ල දනවන ලෙස පියාසර කරන්නට විය.

තත්වය එතරම් යහපත් නොවන බව දුටු චූ ලෙයි, අසුරයා බැඳ තිබූ රැහැන කපා දමන්නට අසිපත හසුරුවන්නට සැරසෙත්ම, චූ යිං හොං කෑ ගසනා හඬ ශ්‍රවණය විය. පෙනී යන ආකරයට නම් තව දුරටත් ඈ හට ගූ රාජාලියා රඳවා තබා ගැනීමට තරම් ශක්තියක් නොමැති හෙයකි, සත්‍ය වශයෙන්ම ශක්තිය ගිලිහී ගොස් සිටි ඇයව ගූ රාජාලියා විසින් කටු පඳුරු දෙසට ඇද දමන්නට වූයේ සිරුරින් අඩක් පමණ රුධිර ගැලීම් වලට ලක් කරමිනි.

ඇසිපිය හෙලන සැණින් පුද්ගලයින් තිදෙනාගෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇති ආකාරය දුටු චූ ලෙයි ගේ හදවත පවසන්නට වූයේ අයහපත් තත්වයක් උද්ගත වී ඇති බවයි.

තත්වය තවත් අයහපත් බවට හරවන්නට නිර්භීත නොවූ ඔහු, ඉක්මනින් අත වනමින් අසුරයා බැඳ ඇති රැහැන් තුන කපා දැමීමට සංඥා කොට චූ යිං හොං ව කටු පඳුරු මතින් ඉවතට ගෙන ඇගේ තුවාල පරීක්ෂා කරන්නට විය. ඇගේ සිරුරින් අඩක් පමණ රුධිර ගැලීමට ලක්වුවත් ඒවා මතුපිට තුවාල පමනක් විය, බරපතල තුවාල කිසිවක් නොවීය.

"ගූ රාජලියා කොහේද?" චූ යිංහොං දත්මිටි කමින් තම උරහිස මත වූ කටු ඉවත් කරමින් දුර්වල ලෙස විමසන්නට වූවාය.

චූ ලෙයි තම හිස සලන්නට විය, " මට සිතෙන්නේ අපට ඌව අද දිනයේදී අල්ලා ගැනීමට හැකිවන එකක් නැහැ. ඌ එතරම් වයස්ගත ආරූඩවන සුළු අසුරයෙක් කියා මම අපේක්ෂා කළේ නැහැ. මම හරියාකාරව සූදානම් වුණේ නැහැ, එම නිසා මීළඟ අවස්ථාව එළඹෙන තුරු මට බලා සිටීමට සිදුවේවි."

චූ යිංහොං සුසුම්ලන්නට වූවාය, "අවම වශයෙන්.... මට හැකිවුණා උගේ පහර දෙකක්වත් වලක්වාගන්නට... ප්‍රධානීතුමා, මා පිළිබඳව කරදර වන්නට එපා, ගොස් උගේ වාසස්ථානය සොයාගන්න. ඌ දැන් දරුණු ලෙස තුවාල ලබා සිටින්නේ, එම නිසා තත්වය පෙරටත් වඩා අයහපත් අතට හැරේවි."

චූ ලෙයි යමක් පැවසීමට සැරසෙත්ම ජොං මින් යෑන් හදිසියේම කෑ ගසන හඬ ඔහුට ශ්‍රවණය විය, ඔවුන් දෙදෙනාම ක්ෂනිකව හැරී බලනා විට දැක ගැනීමට හැකි වූයේ ගූ රාජාලියාගේ ලේ වැගිරෙමින් පවතින හිස සෘජුවම ගුහාව දෙසට පියාසර කරන ආකාරයයි.

ෂුවැන්ජි තවමත් ගුහාව තුළ! සියළු දෙනාම කම්පනයට පත් විය. චූ යිං හොං සැනසුම් සුසුමක් හෙලමින් නැගී සිටීමට උත්සාහ කළද, ඇගේ මුහුණ සුදුමැලි වන්නට වූයේ මහත් වේදනාවක් සමගය. චූ ලෙයි ඇයව වලක්වමින්, "විවේක ගන්න, චිං චි පිළිබඳ අවධානයෙන් සිටින්න. මම යන්නම්!"

ක්ෂනයෙන් ඔහු ද්වාරය අසලට පැමිණියේය, නමුත් එහි ජොං මින් යෑන් ගේ හෝ යූ ස' ෆං ගේ කිසිදු සලකුණක් නොවීය. ඒ අණුවන දරුවන් දෙදෙනා ෂුවැන්ජිවත් රැගෙන බියෙන් ගුහාව තුලට දිව යන්නට ඇත. එය වඩාත් අයහපත් තත්වයකි! කිසිදු බලයක් භාවිතා කිරීමට තරම් ගුහාව ප්‍රමානයෙන් කුඩාය, එම නිසා වියරු වැටුණු ගූ රාජාලියාට ඔවුන් හසු වුණොත්, ඔවුන් සියළු දෙනාම මිය යනු ඇත!

ඔහු කෙතරම් කනස්සල්ලට පත් වූවාද කියතොත් ඔහුද ගුහාව තුලට පිවිසෙන්නට වූයේ රාජාලියා ලුහුබඳිමිනි.

ගූ රාජාලියා ගුහාව තුළට පියඹා ආ මොහොතේ ජිං මින් යෑන් මහත් බියට පත් විය. ඔහු තම අසිපත පිටතට ගැනීමට සැරසෙත්ම, තමාට පසෙකින් වැතිර සිටින ෂුවැන්ජි හට හානියක් වෙතැයි බියක් ඇතිවුණි, නමුත් ඔහුට ගුහාවෙන් පිටතට යාමට අවශ්‍ය වුවත්, ගුහා ද්වාරය අවහිර කරගෙන සිටින විශාල ගූ රාජාලියා නිසා එය සිදු කල නොහැක්කක් විය.

කලබලයට පත්ව සිටින අතරතුරේදී ඔහුට දැකගැනීමට හැකි වූයේ නීල වර්ණ ආලෝකයක් තම දෑස් ඉදිරියෙන් ගමන් කරනා ආකාරයයි, වේගයෙන් පියාසර කරන්නට වූ යූ ස' ෆං, ෂුවැන්ජිව රැගෙන තම පිට මත තබා ගනිමින් මින් යෑන් හට කෑ ගසන්නට වූයේය, " තවත් බලාසිටින්නේ කුමක් සඳහාද? දුවන්න!"

ඔහු ක්ෂනයෙන් ප්‍රතිචාර දක්වන්නට වූයේය, තවත් කිසිවක් ගැන සිතීමට කාලය වැය නොකරමින් ඔවුන් දෙදෙනා ගුහාවේ අභ්‍යන්තරය දෙසට දිව යන්නට වූහ.

අන්ධ වූ ගූ රාජාලියාට ඉදිරි මාර්ගය නොපෙණුනද, ඉතා රසවත් ආහාරයක් වැනි ෂුවැන්ජිගේ රුධිරයෙහි සුවඳ දැණිනි.

ඌ ඔවුන්ව ලුහු බඳින්නට විය. ඔහු පසුපස හැරී බලන විට, ගූ රාජාලියා තමාට අඩි තුනකටත් වඩා අඩු දුරකින් සිටින බව ඔහුට පෙණුනි, ඔහුගේ සිරුර බියෙන් කිලිපොලා යන්නට විය.

"ඵලකට නැති අයෙක්!" යූ ස'ෆං කෝපයෙන් පැවසුවේය, "මේ! ඔබට උගේ ආහාරයක් බවට පත් වෙන්න අවශ්‍ය නැතිනම්, ඔබට ඇවිදගෙන යාමට සිදුවෙනවා, එවිට ඔවුන්ට තවත් කාලය ලබා ගත හැකියි."

ජොං මින් යෑන් ඔහුගේ වදනින් කොතරම් ලැජ්ජාවට පත් වූවාද කියතොත් ඔහු තම අසිපත රැගෙන වහාම මෙසේ පැවසුවේය, "ඔබ පලමුව යන්න! මම මේ මෘගයා අද මරා දමන්න යන්නේ."

පසුව ඔහු ඉහලට පැන ෂාඕයැන්ග් නිකායෙහි ඉතා සුලබ සටන් ක්‍රමය භාවිතා කරමින් තම ඉණෙහි වූ කිණිස්සෙන් පහරක් එල්ල කලේය. නමුත් සැබෑ සටනකදී, ඔහු තමාගේ අසිපත් සටන් ශිල්පයන් සහ ඉරියව් පරිපූර්ණ කරන තෙක් බලා සිටින්නේ කවුරුන්ද? රාජාලියා යකඩ කොක්කක් මෙන් උගේ හොටෙන් තදින් පහර දෙන්නට විය.

හොටෙන් පහර දෙමින් සිටි රාජාලියා, ඔහු ඉක්මනින් ඉවත්වනු ඇතැයි අපේක්ෂා නොකළේය. ඔහු දත්මිටි කමින් තම දෙවන අසිපත් ශිල්පය භාවිතා කර ඌගේ උදරයට සෘජුවම පහර දෙන්නට විය.

එම බලාපොරොත්තු රහිත සටන දෙස බලා සිටි යූ ස'ෆං දරුණු හඬකින් කඩිමුඩියේ මෙසේ පැවසුවේය, "සටන්කිරීම නවත්තන්න! ඉදිරියට එන්න!"

ඔහු එසේ පවසා අවසන් වන්නටත් පෙර ගූ රාජලියා පියාපත් විහිදීම හේතුවෙන් ඇතිවූ සුළි කුණාටුවට පාෂාණ කැබලි එහා මෙහා විසිවන ආකාරය ඔහුට දැක ගැනීමට හැකි විය. ඒවා මගහැර යමින් සිටියදී, පාෂාන කැබලි කිහිපයක් හිසේ වැදී රුධිරය වගුරුවන්නට විය.

ඔහු පාරේ දෙබලකට පැන යාමට සූදානම් වූ විට ඔහුගේ කන් පිටුපස වූ සුළඟ හදිසියේම ගු රාජාලියාගේ නියපොතු බවට පත් විය.

එය විදුලි කෙටීමක තරම් ක්ෂණික , ජීවිතයත් මරණයත් අතර මොහොතකි. අඳුරු, දිලිසෙන නියපොතු ඔහුගේ හස්තයට වඩා ඝනකම් ඒවා විය.

ඔහු අද මිය යන මිනිසෙක් නොවේ.

සිතන්නට වෙලාවක් නොතිබුණත්, ඔහු විකර්ණයක් ලෙස පිටතට පියාසර කරන තරමටම ඔහුගේ දෑත තදින් ඇදී යන බවක් දැනුනි. ඔහුගේ ඇසේ කෙළවරින් ඔහු හරිත පැහැ සෙවනැල්ලක් දුටුවේය - යූ ස'ෆං!

ඔහුගේ දෑතේ, දීප්තිමත් කෙටි අසිපත් දෙකක් තිබූ අතර, ඔහු ජොං මින් යෑන්ව ඉදිරිපිටින් අල්ලා, දෑත් දිගු කර ස්ථාවර කවයක් අඳින්නට විය. එක් ක්ෂණයකින්, ගූ රාජාලියාගේ නියපොත්තක් ඔහු අතින් ගැලවී ගිය අතර කෙටි අසිපත් දෙකද ගිලිහී ගියේය.

නියපොත්තක් කඩන තරමට මේ මහළු මිනිහා දරුණුය!

රාජාලියා වේදනාවෙන් කෑගසද්දී, යූ ස'ෆං හැරී, "ඔබ බලා සිටින්නේ කුමක්ද ! ඇයව ඇතුළට ගන්න! " යැයි පැවසුවේය.

ජොං මින් යෑන් එයට කෙතරම් කැමැත්තෙන් සිටියේද යත්, ඔහු තවදුරටත් පසුබට නොවී මාර්ගයෙහි වූ දෙබලකට ඇතුළු විය.

ඔහුට උදව් කිරීමට ආපසු හැරී යාමට සූදානම් වූ විට, යූ ස'ෆං, ගොරවමින් පසුපසට පියාසර කරන ගු රාජාලියාගේ පියාපත් වල ඇතිල්ලී ගියේය.

ඔහුගේ මුහුණේ වූ වෙස් මුහුණ ගැලවී ගියේය!


Comments

Popular posts from this blog

කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)