1) පළමු එළිපත තරණය කිරීම

 ඒක සශ්‍රීක ගස් වැස්මකින් වැහිලා ගිය කඳුකරයේ තිබුණ කුඩා ගම්මානයක්.

ඒ ගමට යන්න තිබුණේ එක මාර්ගයක් විතරයි, අධික වර්ෂාව නිසා මාර්ගය මඩ වෙලයි තිබුණේ ; විශේෂයෙන්ම මේ මාර්ගයේ යනකොට කල්පනාකාරී වෙන එක වැදගත්.

මේ මොහොත වෙනකොට, ලින් ජියුෂ' සහ උස තරුණියක් මේ මාර්ගය දිගේ ගමන් කරමින් හිටියා. පෙනී ගිය විදියට තරුණිය මිශ්‍ර පෙළපතකින් එන තැනැත්තියක්. ඇගේ ඇහි බැම තරමක් ඝන සහ පළල්, ඒ වගේම තරමක් ලස්සන කෙනෙක්, නමුත් ඇය අදහාගන්න බැරි තරමට උසයි, ලින් ජියුෂ' ටත් වඩා උසින් වැඩියි. යල් පැනලා ගියපු දිග ඇඳුමකින් සැරසිලා හිටිය ඇය ගැඹුරු ඇස් වල කඳුළු පුරවා ගෙන, ශෝකයෙන් අඬා වැලපෙන ගමන්, "මේ හරියටම කොහෙද?" කියලා රහසින් මිමිණුවා.

ලින් ජියුෂ' : "ඔයා කලින් හිටියේ කොහේද?"

තරුණිය : "මම මගේ ගෙදර නාන කාමරයේ හිටියේ."

ලින් ජියුෂ' : "මම හිටියේ මගේ ගෙදර කොරිඩෝවේ."

තරුණිය : "කොරිඩෝවේ...?"

ලින් ජියුෂ' ඔලුව උස්සලා අඳුරු අහස දිහා බැලුවා. "ඔයාටත් දොරක් අරින්න උනාද?"

තරුණියට යමක් මතක් වුණා වගේ ; ඇගේ ප්‍රකාශනයේ සියුම් වෙනසක් වුණා. "ඔව්"ඇය පිළිතුරු දුන්නා.

ලින් ජියුෂ' ආපහු හැරිලා ඇය දිහා බැලුවා. "මටත් එහෙමයි."

එකසැරේටම හමාගෙන ගිය හුළඟට ගස් මුදුන්වල බරින් වැඩි කොළ ගහගෙන ගියා. අවට පරිසරයත් ගොඩක් නිහඬ වුණා. වේගය ඉක්මන් කරන්න කියලා ඔවුන්ව පොලඹවනවා වගේ සැහැල්ලු පොඩි වැස්සක් අහසින් වැටුණ නිසා අඳුර වැටෙන්න කලින් වතුවලින් වට වුණ ගමට ළඟා වෙන්න ඔවුන්ට සිද්ධ වුණා.

කතාබහ අතරතුරේදී තරුණියගේ වාසගම රුඅන් කියලා ලින් ජියුෂ' ට දැනගන්න පුළුවන් වුණා. ඇය තමන්ව හැඳින්වුවේ රුඅන් බයිජිඒ කියලා.

ඇගේ නම අහලා තත්පර තුනක් විතර පුදුමයට පත් වෙලා හිටපු ලින් ජියුෂ' "හොඳ නමක්" කියලා ඇයව බොරුවට වර්ණනා කළා.

දියාරු බැල්මකින් ලින් ජියුෂ' දිහා බලපු රුඅන් බයිජිඒ , "පිරිමි හැමෝම බොරුකාරයෝ." කියලා දෝෂාරෝපණය කරන්න වුණා.

ලින් ජියුෂ' : "ආ?"

රුඅන් බයිජිඒ : "මම කවදාවත් ඒ අසභ්‍ය නවකථාව [1] දැකලා නෑ කියලා හිතන්න එපා."

ලින් ජියුෂ' : "..." මේ තරුණිය තමන් හිතපු තරම් දුර්වල වගේම සියුම් කෙනක් නොවෙන බව ඔහුට තේරුණා. ගමට යන අතරතුරේදී තමන්ගේ තොරතුරු හුවමාරු කරගද්දී, දෙන්නාම මේ දුරස්ථ පාලූකරයට හදිසියේම එන්න කලින් දොරක් විවෘත කරලා තියන බව තහවුරු කරගත්තා.

රුඅන් බයිජියේ විවෘත කරලා තිබුණේ නානකාමරයේ දොර, ලින් ජියුෂ' තමන්ගේ ශාලාවේ දොර.

"දොර කළු පාට යකඩ දොරක්." රුඅන් බයිජියේ ගේ හඬ මෘදුයි. "සැරසිලි මොකුත් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මම ටිකක් අන්දමන්ද වුණා, කොහොමද එකපාරටම මගේ ගෙදර මේ වගේ දොරක් මතුවුණේ? මමත් ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව අහම්බෙන් ඒක ඇරියා..."

දොර විවෘත කරපු ඊළඟ තත්පරයේදීම ඒ දෙන්නාම මේ පාළුකරයේ පෙනී හිටියා.

ලින් ජියුෂ' : "මමත් කළු යකඩ දොරක් ඇරියා..." ඔහු යන්තම් මේක කියලා ඉවර කරනකොටම, ඉස්සරහ මාර්ගයේ සෙවනැලි රූපයක් ඔහුට පෙණුනා. රූපය තරමක් උසයි, බොහෝ විට වැඩිහිටි මිනිහෙක්.

"ලොකු අයියේ!!!" ලින් ජියුෂ' ඈත ඉඳන්ම උස් හඬින් ආචාර කළා.

ලින් ජියුෂ' ගේ හඬ ඇහුණා වගේ, ඒ මිනිහා ඇවිදින එක නතර කළා.

කඩිමුඩියේම ඉස්සරහට දුවගෙන ගියපු ලින් ජියුෂ', තමන්ගේ අත දික් කරලා ඒ මිනිහාගේ උරහිසට තට්ටු කළා. "මේ... කරුණාකරලා මේ කොහේද කියලා අපිට කියනවද?"

ඒ මිනිහා ඔළුව හරවලා බැලුවා, ඔහුට තිබුණේ රැවුල සහිත මූණක්. මුලින්ම බැලූ බැල්මට, ඔහු ගොඩක් දුරට රැවුල එක්ක මූණක් වගේම, ශක්තිමත් ඇඟක් තියන උස වලහෙකුට සමාන වුණා. "ඔයා මෙහෙට අලුත්ද?"

ලින් ජියුෂ' කල්පනා කළා, "අලුත්?"

මිනිහා පිළිතුරු දුන්නේ නැහැ. ඔහු ලින් ජියුෂ' දිහා බලන් ඉඳලා පස්සේ ලින් ජියුෂ' ට පිටිපස්සෙන් බය වෙලා ඉන්න රුඅන් බයිජිඒ දිහා බැලුවා. "එන්න. අපි ගමට යමු, ඊට පස්සේ මම ඔය දෙන්නට හැමදේම පැහැදිලි කරන්නම්."

ලින් ජියුෂ' ඒ අදහසට එකඟ වුණා. ඊට පස්සේ තුන්දෙනාම ගමට ගියා.

පෙනී ගියපු විදියට මේ ශීත සෘතුව; හෑන්දෑව ඉක්මනින්ම පහවෙලා ගියා. ඔවුන් මෙහේට එන්න කලින්, බැහැගෙන යන ඉර තවමත් අහසේ පැහැදිලිව පේන්න තිබුණා,ඒත්, ඇසිපිය හෙළන සැනින්, ඉතිරි වුණේ අඳුරු වලාකුළුයි වැටෙන හිම පියලියි විතරයි.

ලින් ජියුෂ' ඒ මිනිහා එක්ක කතාකරන අතරතුරේ අවට තත්ත්වය නිරීක්ෂණය කළා. ගම ඇරුණාම මෙතනට වෙන ආලෝක ප්‍රභවයක් තිබුණේ නැහැ. ඇහැට නොපෙනෙන තැන් වෙනකල් විහිදිලා ගියපු මහා වනාන්තර දර්ශනයෙන් වටවෙලා තියන මේ හිස් මාර්ගය අතඇරලා දාපු එකක්.

ලින් ජියුෂ' තමන්ගේ සාක්කුවෙන් සිගරට් එකක් අරන් මිනිහා අතට දුන්නා. ඒත් ඔහු තමන්ගේ අත වනලා ඒක ප්‍රතික්ෂේප කළා.

"ලොකු අයියේ මේ තැන මොකක්ද?" ලින් ජියුෂ' ඇහුවා.

මිනිහා පිළිතුරු දුන්නා, "ඔයාට පුළුවන් මට ෂියොං චි [2] කියලා කතා කරන්න."

ඒ මනුස්සයා ඇත්තටම තමන්ගේ නමට එකඟවෙලා ජීවත් වෙනවා කියලා ලින් ජියුෂ' ට හිතුනා. ඔහුට තව ප්‍රශ්නයක් අහන්න ඕනි වුණත් පස්සේ ඔහු දැක්කා ෂියොං චි 'නවත්තන්න' කියලා සංඥා කරනවා. "අහන්න එපා. අපි ගමට ගියාම මොකද වෙන්නේ කියලා ඔයාට තේරෙයි."

"ඔහ්" ලින් ජියුෂ' හඬ නගලා කිව්වා. "හරි හරී."

ඉතුරු ගමන පුරාවටම ඔවුන් හිටියේ නිහඬව.තුන්දෙනාම උත්සාහ කළේ ගමන ඉක්මන් කරන්න විතරයි. අවසානයේ ඔවුන් ගමට ඇතුළු වෙන තැනට ආවේ අඳුරෙන් අහස සම්පූර්ණයෙන්ම වැහිලා යන්න කලින්.

ෂියොං චි සැහැල්ලුවෙන් ඉන්න බවක් පේන්න තිබුණා. ඔහු තමන්ට පිටිපස්සෙන් තියන අඳුර දිහා බැලුවා. "හරි, ඔක්කොම හොඳින්. යමු. අපි මුලින්ම එයාලව හම්බෙමු. "

අලුත්. එයාලව. ලින් ජියුෂ' මේ මුල් පද අල්ලාගත්තා. ඔහු මෙතනට ආව මොහොතේ ඉඳලම ඔහුට අප්‍රසන්න හැඟීමක් ආවත්, මේ මොහොතේ, ඒ අප්‍රසන්න හැඟීම ගොඩක් ප්‍රබල වගේම තීව්‍ර වෙන ගමන් තිබුණේ. රුඅන් බයිජිඒ ටත් මොනවා හරි දැනුන බවක් පේන්න තිබුණා. ඇය තවදුරටත් ඇඬුවේ නැහැ. ඇගේ ආකර්ෂණීය මූණ සුදුමැලි වෙලා ඇස් බයෙන් පිරිලා තිබුණා.

ෂියොං චි දිගටම ඉස්සරහට ගියා. ඔහු ඉක්මනින්ම ඔවුන්ව ගම්මුලාදෑනියාගේ ගේ ළඟ තිබුණ පොඩි මහල් තුනේ ගොඩනැගිල්ලකට එක්කගෙන ආවා.

ඔහු දොර ඉස්සරහ ඉඳන් දොරට තට්ටු කළා. "කවුද" ඇතුලෙන් යුවතියකගේ කටහඬ ඇහුණා.

"මේ මම, ෂියොං චි," ෂියොං චි පිළිතුරු දුන්නා.

"ආ, ඒ ෂියොං ග'. එන්න." "අපි ඔයා එනකල් බලාගෙන හිටියේ." තරුණිය තව දුරටත් කතාකළා.

ෂියොං චි තමන්ගේ අතින් දොර තල්ලු කළා. පොඩි ක්‍රීක් හඬක් ඇහෙන අතරේම, දොර පිටිපස්සේ දර්ශනය සම්පූර්ණයෙන්ම නිරාවරණය වුණා. දොර විවෘත වුණේ ඉඩකඩ තියන විසිත්ත කාමරයකට. මේ වෙන කොට, විසිත්ත කාමරයේ මිනිස්සු දුසිමකට අඩු හෝ වැඩියෙන්න් වාඩි වෙලා හිටියා. ඔවුන් ඇවිළෙන ගිනි මැලයක් වට කරගෙන, යමක් සාකච්ඡා කරන බවක් පේන්න තිබුණේ.

"අළුත් අය?" කවුරුහරි එක්කෙනෙක් අන්තිමට ලින් ලින්ජියුෂ' යි රුඅන් බයිජිඒ යි, ෂියොං චි ගේ පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා දැක්කා.

"අළුත් අය."ෂියොං චි හෙමින් කාමරය ඇතුලට ඇවිදගෙන ගිහින් වාඩිවෙන්න තැනක් හොයාගත්තා. "ඉඳ ගන්න. ෂියාඕ ක', එයාලට පැහැදිලි කරන්න."

ෂියාඕ ක' කියන්නේ ෂියොං චි ට දොර ඇරපු තරුණිය. ඇගේ පෙනුම අවුරුදු පහළොවක් හරි දාසයක් හරි වගේ වුණේ, ඇගේ මූණ සියුම් වගේම ලස්සනයි. "ඔය දෙන්නටත් වාඩි වෙන්න පුළුවන්. මම තත්වය කෙටියෙන් විස්තර කරන්නම්. "

ලින් ජියුෂ' යි රුඅන් බයිජිඒ යි එකිනෙකා දිහා බැලුවා. ඊට පස්සේ දෙන්නා දොර ළඟ වාඩි වුණා.

"ඇත්තටම කියන්න වැඩි දෙයක් නෑ." ෂියාඕ ක' ගේ හැසිරීම එතරම සුහද වුණේ නැහැ."අපිට මේ ගමේ ටික කාලයක් ඉඳලා ප්‍රශ්න ටිකක් විසඳන්න වෙනවා. එච්චරයි."

ලින් ජියුෂ': "මොන ප්‍රශ්නද?"

ෂියාඕ ක' මෙහෙම පිළිතුරු දුන්නා, "අපිත් දැනට ඒක දන්නේ නැහැ. අපි හෙට ගම්මුලාදෑනියාව මුණගැහෙන්න යන්න ඕන..." ඊටපස්සේ ඇය මෙහෙම ඇහුවා, "ඔයාල දෙන්නාම භෞතිකවාදියොද?"

ලින් ජියුෂ' තමන්ගේ අත උස්සලා ප්‍රසිද්ධියේම පිළිතුරු දුන්නා, "මම."

"එහෙනම් ඔයා විශ්වාස කරන ඕනම දෙයක් වෙනස් වෙන්න පුළුවන්." ෂියාඕ ක' ඉඟි කළා.

ලින් ජියුෂ': "...ඔයා අදහස් කරන්නේ මොකක්ද?"

"මම කියන්න අදහස් කරන්නේ මෙහේ අද්භූත දේවල් සිද්ධවෙයි කියලා." ෂියාඕ ක' පැහැදිලි කළා.

ලින් ජියුෂ': "..."

ලින් ජියුෂ' වගේම රුඅන් බයිජියේ කියන නවකයන්ගේ පැමිණීම ගැන හැමෝම පෙන්නුවේ සම්පූර්ණයෙන්ම නොසතුටුදායක තත්වයක් . ෂියාඕ ක' ඇරෙන්න කිසිම කෙනක් ඔවුන්ට ආචාර කරන්න මූලිකත්වය ගත්තේ නැහැ.

තමන් කාමරයට ඇතුළු වෙන්න කලින්, ඔවුන් යම් යම් දේවල් සාකච්ඡා කරපු බව ලින් ජියුෂ' උපකල්පනය කළත්, ටික වේලාවක් එතන වාඩිවෙලා හිටියට පස්සේ, ඔවුන් කිසිම දෙයක් කියන්නේ නැති බව ලින් ජියුෂ' ට පැහැදිලි වුණා. කීප දෙනෙක් නිහඬවම විසිත්ත කාමරයේ වාඩි වෙලා, තමන්ට ඉස්සරහින් තියන ගිනිදැල් දිහා බලන් හිටියා. තවත් සමහරු තමන්ගේ ජංගම දුරකථන වල ක්‍රීඩා කරන ගමන් හිටියේ.

කිසිම ජංගම දුරකථනයකට එතන දුරකථන සංඥා තිබුනේ නැති නිසා බාහිර ලෝකය සම්බන්ධ කරගන්න පුළුවන් වුණේ නැහැ.; කොහොම වුණත් තවමත් නොබැඳි තනි ක්‍රීඩක ක්‍රීඩා කරන්න පුළුවන්කම තිබුණා.

ලින් ජියුෂ' සරලව ගණන් කරන්න පටන් ගත්තා. ඔහුගේ ගණන් කිරීමට අනුව මේ කාමරයේ මිනිස්සු දහතුනක් හිටියා. පිරිමි නව දෙනෙක්, කාන්තාවන් හතර දෙනෙක්. ඔවුන්ගේ මූණේ පෙනුම තනි තනිව ගත්තාම ගොඩ දෙනෙක් සාපේක්ෂව තරුණ අය, ඔවුන් අතරින් වැඩිමල්ම කෙනාත් වයස අවුරුදු හතළිහට වඩා වැඩි වෙන්න විදිහක් නෑ.

ගිනිමැලේ තිබුණ දර පුපුරන්න වුණා. රුඅන් බයිජියේ ටිකක් වෙලා යනකම් වාඩිවෙලා හිටියේ; ඇයට තරමක් නිදිමත බවක් පේන්න තිබුණා. වටපිට බැලුව ඇයට පෙණුනේ තවමත් කාටවත් පිටවෙන්න අදහසක් නැති බව. "අපහසුතාවයක් වුණානම් සමාවෙන්න, ඒත් නිදාගන්න කාමරයක් තියනවද කියලා මම දැනගන්න කැමතියි? මට ටිකක් මහන්සියි."මෘදු කටහඬින් ඈ ඇහුවා,

ඒක මායාවක්ද කියලා ලින් ජියුෂ' ට විශ්වාස නැහැ.ඒත් රුඅන් බයිජිඒ මේ ප්‍රශ්නය අහපු වෙලාවේ මුළු කාමරය තුළම වාතාවරණය ගල් ගැහුණ බවක් පේන්න තිබුණා.

"ඒක අමතක කරන්න. අපිත් ටිකක් විවේක ගන්නඕනි." ෂියොං චි නැගිට්ටා. "නැත්නම් අපි විසිත්ත කාමරයේ නිදාගනියි. කාමර බෙදාගමු. " ඔහු ලින් ජියුෂ'ව සියුම් ලෙස පරීක්ෂා කළා. "ඔයා එයත් එක්ක එකට ඉන්න. රෑට පරිස්සම් වෙන්න. කොහේවත් යන්න එපා, එහෙ මෙහෙ ඇවිදින්න යන්න එපා..."

රුඅන් බයිජිඒ එයට විරුද්ධ වුනා, "මම එයා එක්ක කාමරය බෙදාගන්න? ඒත්..."

ෂියොං චි සුසුමක් හෙලුවා, "ගෑණු පිරිමි වෙනස්ද? ඔයාලා පළවෙනි රෑ එකට හිටියට පස්සේ,ඒවගේ නොවැදගත් තොරතුරු මෙහේට වැඩක් නෑ කියලා තේරුම් ගනියි. නැති වෙන ජීවිතයකට, ඔයා පිරිමිද ගෑණුද කියල වෙනසක් කරන එකේ තේරුම මොකක්ද? "

රුඅන් බයිජිඒ ට තවමත් ඕන වුණේ ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න, ඒත් හැමෝම එතරම් හොඳින් නොවෙන බව තේරුම් ගත්ත ඇය ඒ මාතෘකාව අතඇරලා දාලා කාමරය ලින් ජියුෂ' එක්ක බෙදාගන්න කැමති වුණා.

ලින් ජියුෂ' ඇගේ කනස්සල්ලෙන් පිරුණු ඉරියව් දැක්කා, "කලබල වෙන්න එපා, මම ඔයාට මොකුත් කරන්නේ නැහැ" ඔහු ඇයව සනසන්න උත්සාහ කළා.

රුඅන් බයිජිඒ ඔළුව වනලා ඒකට එකඟ වුණා.

මහල් තුනක්, කාමර ඔක්කොම නවයක්. ඒත් ඔවුන්ගේ සැලසුම් නිර්මාණය විනිශ්චය කළොත්, ඔවුන් කිසිම වෙලාවක වෙන් කළ, තනි නේවාසික කාමර සැලසුම් කරලා නෑ වගේ. එක කාමරයක අවම වශයෙන් මිනිස්සු දෙන්නෙක්වත් ජීවත් වෙලා තියනවා, ඒ වගේම මිනිස්සු තුන්දෙනෙක් පවා ජීවත් වුණ සමහර කාමර තිබුණා.

"ආ මෙන්න." ෂියොං චි කිව්වා. "හෙට මුණගැහෙමු."

සෙනඟ වෙනත් නැත් වලට විසිරිලා ගියා. පිටත් වෙලා යන්න කලින්, ෂියාඕ ක' හදිසියේම ලින් ජියුෂ' ගේ දිහාවට ගිහින් මෘදු විදිහට උපදෙස් දුන්නා, "අනික් අයව ඕනිවට වඩා විශ්වාස කරන්න එපා; ඔයාට මේ පළවෙනි රෑ නම් ගත කරන්න පුළුවන් වෙයි..."

ලින් ජියුෂ' ඇගෙන් ප්‍රශ්න අහන්න කට අරින්න හදනකොටම, ඇය ලින් ජියුෂ' එක්ක තවත් කතා කරන්න අදහසක් නැති බව පෙන්නලා ඉක්මනින් පිටවෙලා ගියා.

"එන්න." රුඅන් බයිජිඒ කතා කළා. "අපි නිදාගන්න යමු."

ලින් ජියුෂ' ඔළුව වැනුවා.

ඔවුන්ගේ කාමරය තිබුණේ දෙවෙනි මහලේ කොරිඩෝවේ දකුණු පැත්තේ. කාමරයේ තිබුණේ එක ඇඳයි, ඇඳ ළඟ පෝස්ටරයක් එල්ලලා තිබුණා.

විදුලිය තිබුණේ නැති නිසා භූමිතෙල් ලාම්පුව දල්වා ගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් ඔවුන්ට තිබුණේ නෑ. විහිදෙන එළිය ප්‍රමාණවත් තරම් දීප්තිමත් වුණේ නැති නිසා, මුළු කාමරයම පරණ තාලයේ පාටක් පෙන්නුවේ. පොඩි පුස් ගඳකුත් වටේට පැතිරිලා ගියා.

ලින් ජියුෂ' මුලින් හිතුවේ රුඅන් බයිජිඒ මේ ඇතිවෙලා තියන තත්වයට අකමැති ඇති කියලා, ඒත් ඇය තමන්ටත් වඩා වේගයෙන් තත්වයට අනුගත වෙයි කියලා ඔහු බලාපොරොත්තු වුණේ නැහැ. ඉක්මනින් සෝදාගත් ඇය වහාම ඇඳට ගිහින් ඒ මතට ඇදගෙන වැටුණා.

ඊට පටහැනිව, ලින් ජියුෂ' ඇඳේ කෙළවරේ වාඩි වෙලා හිටියේ තරමක අපහසුවෙන්.

"නිදාගන්න." රුඅන් බයිජියේ තමන්ගේ ඔළුව පොරවනයෙන් වහගත්තා, ඇගේ හඬ අඩුවෙලයි තිබුණේ. "ඔයාට මහන්සි නැද්ද?"

"ටිකක් මහන්සියි.", ලින් ජියුෂ' පිළිගත්තා.

"ඔව්, අද අවංකවම වෙනස්." රුඅන් බයිජිඒ මිමිණුවා. "මම හිතුවේ මිනිස්සුන්ට විහිළු කරන්න වැඩසටහනකට ඔයාලට ආරාධනා කරලා කියලා.කොහොම වුණත්, විහිළුවක් මේතරම් දුර ගිහින් මේ තරම් සවිස්තරාත්මක වෙන එක..."

ලින් ජියුෂ' තමන්ගේ කබාය ගලවලා ඇඳට නැග්ගේ සැක නැති වෙන විදිහට. ඔහුයි රුඅන් බයිජිඒ යි එක ඇඳක් බෙදා ගත්තත්, එක එක්කෙනාට වෙනම පොරවන දෙකක් තිබුණා. "හරිම අමුතුයි."

"ඒ වගේම මේ මිනිස්සු. එයාලගෙ ඇස්වල බැල්ම ඔයා දැක්කද? " රුඅන් බයිජිඒ ඇහුවා.

ලින් ජියුෂ' :"එයාලා බයයි."

"ඒක හරි." රුඅන් බයිජිඒ එකඟ වුණා. "එයාලා බයයි ... ඒත් එයාලා ඇත්තටම බය වෙන්නෙ මොකටද?"

ලින් ජියුෂ' මේ ගැන මොහොතක් කල්පනා කළා. ඔහු කතා කරන්න ලෑස්ති වෙනකොටම, ඔහුගේ එහාපැත්තෙන් හුස්ම ගන්න හඬක් ඇහුණා. ඔහු හැරිලා බලද්දි දැක්කේ රුඅන් බයිජිඒ නින්දට වැටිලා ඉන්න විදිය.

හාන්සිවෙලා හිටපු ලින් ජියුෂ' තමන්න්ගේ කොට්ටයට ඔලුව තියාගෙන තමන්ට ඉහළින් තිබුණ සිවිලිම දිහා බලාගෙන හිටියා. අඩ ආලෝකය ඇතුළේ, ඔහු ගැඹුරු භාවනාවක ගිලුණා. ඔහු ඇත්තටම රුඅන් බයිජිඒ ව අගය කළා. හදිසියේම අමුතු තැනක පෙනී ඉන්න එක, හදිසියේම අමුතු මිනිස්සු ගණනාවක් මුණගැහෙන එක, ඒත් ඔයා ඒ දේවල් ගැන වදවෙනවද! ඇස් වහගත්ත පමණින් මැරුණ කෙනෙක් වගේ නිදාගන්න පුලුවන්කම ඇයට තිබුණා.

ඒත් ලින් ජියුෂ' මේ ගැන කල්පනා කරද්දී, නිදිමත ගතිය ඔහුගේ සිතුවිලි ක්‍රමයෙන් ගිලගත්තා. ඔහුගේ ඇස් පියවෙලා අන්තිමට ඔහුත් නින්දට වැටුණා.

මධ්‍යම රාත්‍රියේදී ලින් ජියුෂ' අවදි වුණේ කම්පනයකින්.

ඇඳේ වැතිරිලා හිටපු ඔහු හීන් සද්දයක් අඳුරගත්තා.

අබලන් වුණ ජනේලවලට එරෙහිව හමන හුළඟෙන් සද්දය ආව බවක් පේන්න තිබුණේ. කිරි කිරි ගාන හඬින් තේරුනේ කවුරුහරි පාවහන් නැතුව ලෑලි දිගේ හෙමින් ඇවිදගෙන යන බවක්. යට තිබුණ ලෑලි පීඩනය දරාගන්න බැරුව පහලට බැස්සා.

ඇස් ඇරපු ලින් ජියුෂ' ට පෙනුණේ මුළු කාමරයම අඳුරේ ගිලිලා තියන ආකාරය.

එලියේ හිම වැටෙන එක නතර වුනේ මොන වෙලාවෙද කියලා ඔහු දැනගෙන හිටියේ නැහැ. ලොකු හඳක් අහසේ පායලා තිබුනා. හඳේ සිසිල් වර්ණවත් එළිය ඇඳේ වියන මතට වැටිලා සියුම් විදියට බිම පැතිරුණා.

ලින් ජියුෂ' ක්‍රමයෙන් ඇඳේ කෙළවර දිහා බැලුවා.පස්සේ ඔහු හදිස්සියේම තමන්ගේ හුස්ම අල්ල ගත්තා.

ඇඳේ මුදුන ළඟ කාන්තා රූපයක් පේන්න තිබුණා. කාන්තාව ඇඳ ළඟ වාඩි වුණා,ඇගේ පිටිපස්ස ලින් ජියුෂ'ට මුහුණ ලා තිබුණේ. ඇයගේ දිග කළු කොණ්ඩය උරහිස් පහුකරලා පහළට වැටුණේ ඇගේ ස්වරූපය අපැහැදිලි කරන ගමන්. ලින් ජියුෂ' ඇහැරුන බවක් ඇයට තේරිලා වගේ, ඇය තමන්ගේ ඔලුව හෙමින් එක පැත්තකට හරව ගත්තා.

මේ දර්ශනය හරියටම ත්‍රාසජනක චිත්‍රපටයකට සමාන වුනා; ඒක ලින් ජියුෂ'ගේ මුළු ඇඟම මොහොතකට ගල් කලා. වාසනාවකට, ඔහුගේ ධෛර්යය සාපේක්ෂව විශාලයි. ඔහු දත්මිටි කාගෙන කෙළින්ම වාඩිවෙලා, අනෙක් කෙනාට බනින්න ගත්තා, "මේ මොන මගුලක්ද! කවුද උඹ!!! මගේ කාමරේට ඇවිත් මොන මගුලක් කරනවා කියලද උඹ හිතන්නේ!!!"

ඒ කාන්තාව ටිකක් එහා මෙහා ගියා. වැඩි වෙලා යන්න කලින් ඇගේ කටහඬ ඇහුණා, "ඔයාගෙ නම මොක්කද? මේ මම."

ඒ රුඅන් බයිජියේ ගේ හඬ.

අස්වැසිල්ලට පත් වුණ ලින් ජියුෂ' තමන්ගෙ ස්වරය සැහැල්ලු කළා. ඔහු මෙහෙම කිව්වා "හොඳටම රෑ වෙලා. ඔයා නිදා නොගෙන ඇඳ ළඟ වාඩි වෙලා ඉන්නේ ඇයි? "

"ඔයා දැක්කද ගේ ඉස්සරහ ළිඳ?" රුඅන් බයිජිඒ ප්‍රශ්න කළා. "මිදුලේ තියන එක?"

ලින් ජියුෂ' එකම නැවත නැවත කිව්වා, "ළිඳ? මොන ළිඳද?" ඔහු ඇඳෙන් නැගිටින්න ලෑස්තිවුණේ, ඒත් ඔහු නොදැනුවත්වම තමගේ දකුණත දිහා බැලුවා. මේ එක බැල්ම ඔහුගේ ලේ ක්ෂණිකව කැටි කරන්න හේතු වුණා - රුඅන් බයිජිඒ තාමත් දකුණු පැත්තේ තද නින්දේ;ඇය මුල ඉඳන්ම එක මාංශ පේශියක්වත් හොලවලා නෑ.

"ඒ ළිඳ." කාන්තාව පිළිතුරු දුන්නේ රුඅන් බයිජීඒ ගේ හඬට සමාන හඬකින්. "අපි ගිහින් බලමු."

ලින් ජියුෂ': "..."

කාන්තාව: "ඇයි ඔයා උත්තර දෙන්නේ නැත්තේ?"

ලින් ජියුෂ' : "පහුගිය මාසේ මට 'විශිෂ්ට සේවක කණඩායම' විදියට දීමනාව ලැබුණා."

කාන්තාව: "..."

ලින් ජියුෂ' : "මම දැඩි භෞතිකවාදියෙක්."

කාන්තාව: "..."

ලින් ජියුෂ': "ඒ නිසා, ඔයා ඉලක්කය මාරු කරලා බය කරන්න වෙන කෙනෙක්ව හොයාගන්න, හරිද?"

කාන්තාව හෙමින් ඔලුව හරවලා බැලුවා. හඳ එළිය නිසා ලින් ජියුෂ' ට ඇගේ මූණ දකින්න පුළුවන් වුණා.ඒක වචනයෙන් විස්තර කරන්න අමාරු මූණක්.මැරිලා වගේ සුදුමැලියි,තරමක් ඉදිමිලා තිබුණේ. ඇහිබෝල ඇස් කුහරවලින් පිටතට පැනලා වගේ. ඇගේ පෙනුම, සරලවම, විකාරයි. ඒ හුරුපුරුදු කටහඬින් ඇය ආපහු මෙහෙම ඇහුවා "ඔයා මට බය නැද්ද?"

ලින් ජියුෂ තත්පර තුනක් විතර නිහඬව හිටියා. පස්සේ තමන්ගෙ ඔලුව නමලා ඇඳ දිහා බැලුවා. "එහෙම වෙන්න එපා. මම මෙතනට ගෙනාවේ එක කලිසමක් විතරයි."

කාන්තාව: "..."

ලින් ජියුෂ' තමන්ගේ මුහුණ පිහදැම්මා. "ඔයා ආයෙත් මාව බය කළොත් මට චූ යයි." මෙහෙම කියලා ඉවර වෙලා ඔහු තවමත් තමන් ළඟ නිදාගෙන හිටපු රුඅන් බයිජිඒ ට කම්මුල් පාරක් ගැහුවා.ඔහු හයියෙන් කෑගැහුවා, "ඉක්මන් කරන්න! නැගිටින්න!"

ලින් ජියුෂ'ගේ කම්මුල් පාරින් රුඅන් බයිජිඒ හදිසියේම ඇහැරුණා. සම්පූර්ණයෙන්ම සිහි විකාර වුන ඇය තමගේ ඇස් පිහදාල,"ඇයි දෙයියනේ මම?" කියලා කල්පනා කළා. තමන්ගෙ ඇස් ඇරපු ගමන්ම ඇඳ ලඟ කාන්තාවක් වාඩිවෙලා ඉන්නවා ඇය දැක්කා. "හා මේ කවුද, ආ? ලින් ජියුෂ', රෑට නිදාගන්නවා වෙනුවට, මට තේරෙන්නෙ නෑ තමුන් ගෑනියෙක් හොයාගෙන එන්න කොහෙද ගියේ? තමුන් ලැජ්ජ නැති මිනිහෙක්! මට කියනවා, මම එයා තරම් හොඳ නැද්ද?! "

ලින් ජියුෂ': "..." ඔයාගේ අවධානය ඒකට, නේද?

යමක් වැරදීලා තියන බව දැනෙන්න කලින් රුඅන් බයිජිඒ කීප වතාවක්ම පහත් විදියට දොස් කිව්වා. ඇගේ ලස්සන ඇස් තව තවත් පුළුල් , වටකුරු වුණා, ඒ කළු බෝල දෙක පුළුල් වුණා. "එයාගේ බෙල්ලට මොකද වෙලා තියෙන්නේ, ඒකෙ දිග වැඩි වෙනවා..."

ලින් ජියුෂ' තව පාරක් ආපහු හැරිලා බලද්දී කාන්තාව ඒ වෙනකොටත් ඇඳෙන් නැගිටලා කියලා දැක්කා. ඇගේ ඔලුව එක පැත්තකට වකුටු වුණා,බෙල්ල තත්පරයෙන් දික් වුණා, ප්‍රායෝගිකව, විකෘති වුණ සර්පයෙක් වගේ.

ඒ දෙන්නා මේ දිහා බලන් හිටියේ කිසිම හැඟීමක් නැතුව. අන්තිමට ලින් ජියුෂ'ට ඒක දරාගන්න බැරි වුණා. ඔහු කෑගැහුවා, "වේගෙන් දුවන්න!" ඒසැනින්, ඔහු තමන් හිටපු තැනින් නැගිටලා, රුඅන් බයිජිඒගේ අතින් අල්ලගෙන, පිස්සුවෙන් වගේ දොර දිහාට දිව්වා.

අවසානෙදී, දවල්ට දුර්වල වගේම සියුම් වුණ රුඅන් බයිජිඒ, ලින් ජියුෂ'ටත් වඩා වේගයෙන් දුවන්න ගත්තා. හුළඟකට වඩා වේගයෙන් ඔවුන් දෙන්නා දොරෙන් එළියට ගියා.

ලින් ජියුෂ': "ඔයාට බැරිද හෙමින් දුවන්න!"

රුඅන් බයිජිඒ: "තව පොඩ්ඩක් හරි හෙමින් දිව්වොත් මට මැරෙන්න වෙන්නේ-"

ලින් ජියුෂ': "...", හහ්, ගෑණු.

දෙන්නා පලවෙනි මහලට දුවගෙන ගියේ හාවො දෙන්නෙක් වගේ. තවදුරටත් ඒක තමන්ව ලුහුබඳින්නේ නැති බව දැනගත්තට පස්සේ දෙන්නම තමන්ගේ උරහිස් සැහැල්ලුවෙන් ලිහිල් කළා. රුඅන් බයිජිඒ හැමෝමට වඩා හයියෙන් විලාප තියන්න වුණා, බල්ලොන්ටත් වඩා වේගයෙන් ඇය දිව්වේ.ලින් ජියුෂ' අමාරුවෙන් හුස්ම ගන්න අතරතුරේ දි ඇගේ ඇස් කඳුලු වලින් දිලිසෙන්න ගත්තා, ඇය දෙවෙනි වටය සඳහා සූදානම් වෙලා හිටියේ.

"අඬන්න එපා. අඬන්න එපා." ලින් ජියුෂ' ඇයව චාටුවෙන් නවත්තන්න හැදුවේ. "ඒ දේ අවුස්සන්න තරම් ඔයා මොනවද කිව්වේ?"

රුඅන් බයිජිඒ: "මට විශ්වාස කරන්න බෑ ඔයා අනිත් අය ගැන හිතනවා කියලා, ඔයා මාව ගණන් ගන්නේවත් නැහැ."

ලින් ජියුෂ': "..."

සමහර විට ලින් ජියුෂ' ගේ ප්‍රකාශනයෙන් පෙන්නුම් කරන්න ඇත්තේ ඔහු එහෙම කළා වුණත් ඒක ප්‍රතික්ෂේප කරන බවක්. කොහොම වුණත්, රුඅන් බයිජිඒ කොහොමහරි තමන්ගේ ඇඬීම පාලනය කරගත්තා. ඇය දුර්වල විදිහට පළවෙනි මහලේ තිබුණ ලී පුටුවක වාඩි වෙලා තමන්ගේ කඳුලුවලින් පිරුණ ඇස් මෘදු විදියට පිහදැම්මා.

මේ මොහොත වෙනකොට, ඔවුන් පළවෙනි මහලේ විසිත්ත කාමරයේ හිටියේ. මුළු කාමරයම පාළුයි. ඒතරම් විශාල කලබලයක් ඇති වුණත්, මේ අවුල් සහගත දර්ශනය භුක්ති විඳින්න එක මනුස්සයෙක්වත් එළියට ආවේ නෑ; ඇත්තටම, අනික් අයගේ හුස්ම ගැනීම තියා වෙන කිසි හඬක් ඇහුණේ නෑ.

එතන ටික වෙලාවක් හිටපු ලින් ජියුෂ' පොඩ්ඩක් පසුබට වෙන්න ගත්තා. "අපි දැන් මොකද කරන්නේ?" ඔහුට වගේම රුඅන් බයිජිඒටත් මේ වගේ කාරණා සම්බන්ධයෙන් ඒතරම් අත්දැකීම් තිබුණේ නෑ. කරන්න ඕනෙ මොකක්ද කියලා ඔවුන් දැනගෙන හිටියේ නෑ, මේ තත්වය එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා කිසිම අදහසක් ඔවුන්ට තිබුණේ නෑ. දෙන්නා විසිත්ත කාමරයේ ලී කණු දෙකක් වගේ වාඩිවෙලා හිටියා.

"එළියේ හිම වැටුණානේ." හදිසියේම එහෙම කියන ගමන් රුඅන් බයිජිඒ හෙමින් දොර ලඟට ගිහින් මිදුල දිහා බැලුවා.

"මහ රෑ හිම වැටුණා." ලින් ජියුෂ' දොරකඩ හිටගෙන මිදුල වහගත්ත හිම තට්ටුව දිහා බලාගෙන හිටියේ. කාන්තා අවතාරය කියපු ළිඳ ත් ඔහු දැක්කා. ඇත්තටම, එය ඇය කිව්ව විදිහටමයි; මිදුල මැද ළිඳක් තිබුණා. ළිඳේ පිහිටීම තරමක් අසාමාන්‍යයි. , හැම තැනක්ම අතරින්, ඒක මිදුලේ මැද තිබුණේ, ඇතුල්වීම පවා අවහිර කරලා. ෆෙං ෂුයි වලට අනුව, මේක අනිවාර්‍යෙන්ම සුදුසු නැති දෙයක් හරි නරක දෙයක්.

"ඇතුළුවෙන තැන ගලක් තියෙනවා. මට කියන්න දෙයක් නෑ." රුඅන් බයිජිඒ එකවරම කතාවට මෙහෙම දෙයක් එකතු කළා, "ඒ ළිඳ හරිම අපූරු විදිහට හදලා තියෙනවා, ආහ්." ඇය හිනාවුණා; ඇස්වල කොන් වක්‍ර වෙලා තිබුණ ඇගේ පෙනුම අති විශිෂ්ටයි.

"මොකක්ද?" ලින් ජියුෂ' ඇහුවා. "ඔයාටත් ෆෙංෂුයි තේරෙනවද?"

රුඅන් බයිජිඒ : "මම මේක ගෙදරදී කරනවා, ටිකක් ඉගෙන ගෙන තියනවා." ඇය ඔහු දිහා ඇලේට බැලුවා. "ඔයා මොනවද කරන්නේ ?"

ලින් ජියුෂ' : "මම සැලසුම් නිර්මාණ කරනවා ..."

රුඅන් බයිජිඒ : "අනේ ඔයාගේ තාම තට්ටේ පෑදිලත් නෑ. ඔයා මේක ගොඩක් කාලෙකින් කරලා නෑ නේද?"

ලින් ජියුෂ': "..." ඔයා ඇත්තටම දන්නවා කතා කරන හැටි.

"ඔයා හිතන්නේ මම මොනවා කරනවා කියලද?" රුඅන් බයිජිඒ ඇගේ කොණ්ඩය හෙමින් ගැසුවා.

ලින් ජියුෂ' : "මෝස්තර නිරූපණය?" රුඅන් බයිජිඒ වගේ උස තරුණියක් ඔහු දැක්කේ කලාතුරකින්. උස වගේම සෘජු පෞරුෂය, හොඳ චිත්තස්වභාවය; ඇගේ පේන්න තිබ්බෙ නැති පපුව ඇරෙන්න වෙන අඩුපාඩුවක් තිබුණේ නැහැ.

"කොහෙත්ම නැහැ." රුඅන් බයිජිඒ දීප්තිමත් විදියට බැබලෙන ගමන්, "මම දෛවඥයෙක්" දිගටම කියාගෙන ගියා.

ලින් ජියුෂ' හිස් බැල්මකින් බලාගෙන හිටියේ.

"මට ගණනය කරන්න දෙන්න." රුඅන් බයිජිඒ ක්ෂණිකව එතනදීම ගණනය කළා. "අද විශේෂයෙන්ම වටකුරු වගේම පිරුණු හඳක් තියන්නේ. මරණයක් වෙයි කියලා මට හිතෙනවා. "

ලින් ජියුෂ' ට හිනාවෙන්නද අඩන්නද හිතාගන්න බැරිවුණා."ඒ මොන තර්කයක්ද ආහ්? වටකුරු පූර්ණ හඳ මරණයක් පුරෝකථනය කරන්නේ කොහොමද?"

රුඅන් බයිජිඒ ලින් ජියුෂ' ගැන තැකීමක් කළේ නෑ. ඇය මිදුල දිහාට ඇවිදගෙන ගිහින් ලින් ජියුෂ' ට කතා කළා. ඇය කරපු දෙයින් ලින් ජියුෂ'ගේ හදවත පපුවෙන් එලියට පනින්න වගේ. "මොන මගුලකටද ඔයා එහෙ යන්නෙ? දැන් ගොඩක් රෑ වෙලා..."

රුඅන් බයිජිඒ පිළිතුරු දුන්නේ, "මට මේ ළිඳ දිහා බලන්න ඕනේ" කියලා.

"හෙට දවල්ට ඒක බලන්න. දැන් ඒ දිහා බලන එක භයානකයි. " ලින් ජියුෂ' මෙහෙම කිව්වත් බයිජිඒ එළියේ ඉන්න එක ගැන කරදර වුණ ඔහු ඇයගේ පිටිපස්සෙන් මිදුලට ආවා.

දිග, සුදු ගවුමක් ඇඳගෙන සැහැල්ලුවෙන් ඇවිදපු, රුඅන් බයිජීඒ ලස්සන හිම සුරංගනාවියක් වගේ. ඇය සැහැල්ලුවෙන් ළිං කටට ළං වුණත්, කිසිම වෙලාවක ළිඳ ළඟටම ගියේ නෑ.ඒ වෙනුවට, ඇය ලින් ජියුෂ' එනකන් බලාගෙන හිටියා.

ලින් ජියුෂ', "මොකක්ද අවුල?"

රුඅන් බයිජිඒ, "මොකුත් නැහැ. මට එකපාරටම හිතුණා මට තවත් බලන්න ඕන නෑ වගේ කියලා. අපි ආපහු යමු. "

ලින් ජියුෂ' සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වුණා. "ඇයි අපි ආපහු යන්නේ?"

"සීතල වැඩියි." රුඅන් බයිජිඒ පැමිණිලි කළා. "මාව ගල්ගැහෙන්න යන්නේ." මෙහෙම කියපු රුඅන් බයිජිඒ කිසිම ගානක් නැතුව ලින් ජියුෂ' ගේ අත අල්ලගෙන බලහත්කාරයෙන්ම ඔහුව ඇදගෙන කාමරයට ගියා.

ලින් ජියුෂ'ව රුඅන් බයිජිඒ ඇදගෙන ගියා.ඇයගේ ශක්තිය අසාමාන්‍ය විදිහට වැඩි බවක් ඔහුට තේරුණා, ඒ වගේම ඔහුට ටිකවෙලාවකට ඇගෙන් නිදහස් වෙන්න බැරිවුණා.

"රුඅන් බයිජීඒ?" රුඅන් බයිජිඒ ගේ දැඩි ශක්තිය නිසා ලින් ජියුෂ' බය වුණා.

රුඅන් බයිජිඒ ඇගේ තද ග්‍රහණය ලිහිල් කළා. "යන්න. සීතල වැඩියි, ආ. ඉක්මනට ආපහු යන්න, ටිකක් නිදාගන්නත් පුළුවන්..." ඇය කියන්න ඕනි දේ අවසන් කළායින් පස්සේ ආයෙමත් ලින් ජියුෂ' ට කරදර කළේ නැහැ. තමන්ගේ වැඩකට අවධානය යොමු කරන ගමන් ඇය උඩුමහලේ කාමරයට ආවා.

වෙන හොඳ විකල්පයක් නැති නිසා, ලින් ජියුෂ'ත් ඇගේ පිටිපස්සෙන් දෙවෙනි මහලේ තිබුන ඔවුන්ගේ කාමරයට ආවා.වාසනාවකට වගේ, කලින් දැකපු භයානක කාන්තාව අතුරුදහන් වෙලා තිබුණේ. කොහොම වුනත් හෙලවෙන අබලන් ජනෙල් වලින් සීතල හුලං කාමරයට ආවා.

රුඅන් බයිජිඒ කෙලින්ම ඇඳට ගියා. ඇය ඇස් පියාගෙන නින්දට වැටුණා.

අනෙක් අතට, ලින් ජියුෂ' ට නිදාගන්න පුළුවන් කමක් තිබුණේ නෑ, ඔහු භූමිතෙල් ලාම්පුව ආයෙම දල්වලා මුළු රෑම අවදියෙන් හිටියේ. මෙහේ රැය නිමාවක් නැති බියකරු එකක්, එළියේ හුළඟ නොනවත්වාම හැමුවා, කාමරය ඇතුළේ හිටියේ නිදිබර සුන්දරියක්. රුඅන් බයිජිඒ සහ ඇයට එම මොහොතේ හමුවුන තරුණයා නිදාගෙන හිටියේ එකම ඇඳේ, ඒත් ඇය අඩුම තරමින් ඔහුගෙන් ආරක්ෂිත නෑ.ඇයගේ හුස්ම මෘදුයි, ඒකාකාරයි. දුර්වල කම්මුල් රෝස පාටයි; මේ දර්ශනය ප්‍රතික්ෂේප කරන්න බැරි පෙළඹවීමක් වුනා.

ලින් ජියුෂ' තමන්ගෙ ඇස් ඇය වෙතින් ගන්න කලින් ගොඩක් වෙලා ඇය දිහා බලාගෙන හිටියා. ඔහු සත්පුරුෂයෙක් නොවුණත්, අඩමානයේ ඉන්න කෙනෙක්ගෙන් ප්‍රයෝජන ගන්න තරම් අධම තුප්පහියෙක් වුණේ නැහැ.

පහුවදා, ආසන්නව 8 ට විතර, රෑ පහන් වන ලකුණු මතුවුණා,ඉරේ සෙවනැලි අහසේ ක්ෂිතිජයටත් එහායින් හොරෙන් බලන්න වුණා.

එක රැයකින් අහසෙන් නැවතත් හිම පතනය වෙන්න පටන් ගෙන තිබුණේ, එළියේ බිම ඒ වෙන විටත් පිරිසිදු සුදු හිම වලින් වැහිලා ගිහින්.

රුඅන් බයිජිඒ කෙඳිරි ගාන ගමන් ඇස් ඇරියා. ඇය මුලින්ම තමන්ගේ අත් දිග ඇරියත් එසැනින්ම ඒවා ආයෙත් අකුලගත්තා. "හරිම සීතලයි ආහ්..."

මේ විදියට ඇයව දැකපු ලින් ජියුෂ' මෙහෙම හිතුවා, ඔයා ඊයෙ රෑ නම් එහෙම කිව්වේ නෑ.

"ජියුෂ'." රුඅන් බයිජිඒ කතාකරන්න පටන් ගත්තා."ඔයා යන්න, ගිහින් මට ඇඳුම් කෑලි දෙකක් හොයාගන්න උදව් කරන්න. මම මේ ඇඳුම විතරයි ඇඳගෙන ඉන්නේ... ගොඩක් සීතලයි"

ලින් ජියුෂ' ඇයට එකඟ වෙලා 'හොඳයි' කියලා කිව්වා. ඒත්,ඇත්තටම ඔහු තමන්ට විතරක් අඳින්න පුළුවන් ඝනකම උණුසුම් ඇඳුම් දෙකක් හොයාගන්න සැලසුම් කරන ගමන් හිටියේ. එහෙම වුණත්, ඔහුගේ ඇත්ත ලෝකයේ,තාමත් අධික ගිම්හාන සමය.

-----------------------------------------------------------------

[1] "බයි ජිඒ", එහෙම නැත්නම් "සුදු සහ පිවිතුරු" යන නමෙන් චීන අසභ්‍ය නවකතාවක් තියනවා. වෙනත් විදියකට කිව්වොත්, බයිජිඒ ගේ නම අසභ්‍ය නවකතාවක නමක්, ඒ හේතුව නිසයි ලින් ජියුෂ' කම්පනයට පත් වුණෙත් ඇයව බොරුවට වර්ණනා කළෙත්.

[2] ඔහුගේ නම වචනාර්ථයෙන් BEHR තීන්ත සමාගම වගේ. ඔවුන්ගේ නිෂ්පාදනවල ඉස්සරහ වලහෙකුගේ රූපයක් තියනවා, ඒ වගේම ෂියොං චි කියන එකත් වලහා කියන එකට සමානයි.


Comments

Popular posts from this blog

කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)