චූ ෂුවැන්ජි පිටතින් අලස පෙනුමැති අයෙක් වුවත්, ඇතුලාන්තයෙන් ඇය සතුව කදාමිණක් මෙන් පැහැදිලි දැඩි හදවතක් ඇත. පෙර භවයන් හිදී ඇයගේ ජීවිතයේ සිදුවූ විවිධ සිදුවීම් හේතුවෙන් මෙම භවයේදී හැඟීම් දැනීමේ හෝ වටහා ගැනීමේ හැකියාව ඇය තුළින් ගිලිහී ගොස් තිබුණි. අමරණීයත්වය වඩන පුද්ගලයන්ට හදවතක් පවතීනම්, මනුෂ්‍ය ලෝකය ඔවුන්ගේ දෙව්ලොව වේ. ඉදින්, කදාමිණක් වන් හදවතක් සතු අයෙක්ට ලෙයින් මසින් පිරි පුද්ගලයෙක් බවට පත් විය හැකිද? පුෂ්ප පළඳනා තරඟාවලිය අවසානයෙන් තේරී පත් වුණු චූ ෂුවැන්ජි, තම පියා සහ නිකායෙහි සහෝදරයෙකු වන ජොං මින් යෑන් සමග කඳුකරය පාමුල වෙතට පිටත් වූයේ අමනුෂ්‍යයන් දඩයම් කිරීමේ අරමුණ ඇතිවය. එහිදී චූ ෂුවැන්ජි හට ලී ස’ නිකායෙහි ගෝලයෙකු වන යූ ස’ෆං මුණ ගැසේ. අමනුෂ්‍යයින් තුරන් කිරීමේ වික්‍රමාන්විතය අතරතුරේදී චූ ෂුවැන්ජි තුළින් මතුවූ පෙර නොවූ විරූ ආකාරයේ ශක්තියක් සහ බල පරාක්‍රමයක් හඳුනාගැනීමට සමත් වූ ජොං මින් යෑන් ඒ පිළිබඳව සැලකිලිමත් වේ. මේ අතර යූ ස’ෆං ගේ සිතෙහිද චූ ෂුවැන්ජි පිළිබඳව යම් උනන්දුවක් ඇතිවේ. ෂාඕයැං නිකායට ඔවුන් නැවත පිවිසීමෙන් පසුව තම සොයුරිය වන ලින්ග් ලොං සමගින් ලෝක ගවේෂණයේ යෙදීමට චූ ෂුවැන්ජි ...
Comments
Post a Comment